Facebook Official Fanpage Official Twitter Account Google+ Official Page Rss Feed

Sinhala News

Entertainment

Sports News

Miscellaneous

TRENDING

පහුගිය 2 වැනිදා හැන්දෑවේ තමන්ගේ නිවස පිටුපස කුඩා ගසක මවගේ සාරියෙන් ගෙල වැළලාගෙන මියගිය බව කියන 11 හැවිරිදි දැරියකගේ මළසිරුරක් සොයාගත්තා.

මඩොල්සිම වැරැල්ලපතන වත්තේ පදිංචි මඩොල්සිම දෙමළ විද්‍යාලයේ 6 වැනි ශ්‍රේණියේ ඉගෙන ගන්න දැරියකගේ මළසිරුර තමයි මෙහෙම හමුවුනේ.

මේ දැරියගේ අම්මා ගුරුවරියක්.

තාත්තා විදේශ ගතව රැකියාව කරනවා.

එදා හවස අම්මයි අයියයි මීටර් 200ක් විතර දුරින් තියෙන ළිදට ගිහිල්ලා තියෙන්නේ නාන්න.

නාලා ආපහු ආපු වෙලාවේ තමයි දැකලා තියෙන්නේ දරුවා ගේ ඇතුලේ නැහැ කියලා.

හොයලා බලද්දි එයා නිවස පිටුපස පුංචි ගහක අම්මාගේ සාරියකින් ගෙළවැළලාගෙන මියගොස් සිටියා.

කොහොමවුනත් මේ මරණය සැකයි කියලා මඩොල්සිම පොලීසිය බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කළා.

ඒ අනුව බදුල්ල වැඩබලන මහේස්ත්‍රාත්වරයා සිද්ධිය වුනු ස්ථානයට වගේම දැරියගේ දේහය තැන්පත්කරලා තියෙන මැටිගහතැන්න රෝහලටත් ගිහිල්ලා පරීක්ෂණ කළා.

මෘතදේහය අධිකරණ වෛද්‍ය නිලධාරී පරීක්ෂණයකට ලක් කරලා ඒ වාර්තාව අධිකරණයට ඉදිරිපත් කරලා වැඩිදුර පරීක්ෂණ සිදුකරන්න කියලයි වැඩබලන මහේස්ත්‍රාත්වරයා මඩොල්සිම පොලීසියට නියෝග කළේ.




අපගේ නවතම පුවත් බලන්න..

© 2011-2016 Gossip9Lanka.co.uk

Join with Us

Latest Gallery

Video Gallery

A R C H I V E

Political News

Around the World

L A T E S T C O M M E N T S

S T A T S