Facebook Official Fanpage Official Twitter Account Google+ Official Page Rss Feed

Sinhala News

Entertainment

Sports News

Miscellaneous

TRENDING

ගාල්ල ප්‍රදේශයේ ජනප්‍රිය පාසල් තුනක සිසුන් අතර දින කිහිපයක සිට පවතින ගැටුමක් සම්බන්ධයෙන් පාසල් සිසුන් 08 දෙනෙකු අක්මීමන පොලිසිය අද අත්අඩංගුවට ගත්තා.

ඒ, ගාල්ල - ලබුදූව මංසන්ධියේදියි.
ලබුදූවේ පිහිටි ප්‍රසිද්ධ පාසලක මීට දින කිහිපයකට පෙර පැවති සාමාන්‍ය පෙළ සම්මන්ත්‍රණයකදී සිසුන් දෙදෙනෙකු අතර ඇතිවු ගැටුමක් මෙලෙස දුරදිග ගොස් ඇති බවයි පොලීසිය ප්‍රකාශ කළේ.

ගාල්ල නගරයේ ප්‍රසිද්ධ පිරිමි පාසල් දෙකක සිසුන් මීට මැදිහත් වී ඇති අතර, දින කිහිපයක් ගාල්ල බස් නැවතුම්පළේදී සහ ස්ථාන කිහිපයකදී අදාළ විද්‍යාල තුනෙහි සිසුන් ගැටුම් ඇති කර ගැනීමට උත්සාහ කර තිබෙනවා.

පොලීසිය එය වළක්වා ඇතත්, පාසල් නිල ඇදුම් නොමැතිව අදත් ලබුදූව මංසන්ධියේ පාසල් සිසුන් පිරිසක් රැදී සිට ඇති අතර, ඒ අතර සිටි 8 දෙනෙකුයි පොලීසිය මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ.

කෙසේ වෙතත්, පාසල් තුනේම සිසුන් කැඳවා ගැටුම සමථයකට පත් කිරීමට උත්සාහ කරන බව පොලීසිය ප්‍රකාශ කළා.




අපගේ නවතම පුවත් බලන්න..

© 2011-2016 Gossip9Lanka.co.uk

Join with Us

Latest Gallery

Video Gallery

A R C H I V E

Political News

Around the World

L A T E S T C O M M E N T S

S T A T S