Facebook Official Fanpage Official Twitter Account Google+ Official Page Rss Feed

Sinhala News

Entertainment

Sports News

Miscellaneous

TRENDING


එමිරේට්ස් හි සිවිල් ගුවන්සේවා අධිකාරිය විසින් එරට ජාතික ගුවන්සේවයෙහි යානා තුළ දී Samsung Galaxy Note 7 ස්මාර්ට් ජංගම දුරකතන භාවිතය තහනම් කොට තිබේ. මේ අනුව එමිරේට්ස් ගුවන්යානා තුළ Samsung Galaxy Note 7 ස්මාර්ට් ජංගම දුරකතන භාවිතය, චාජ් කිරීම හා ගෙන යාම තහනම් කර ඇත. Samsung සමාගමේ අලුත්ම නිෂ්පාදනය වන Samsung Galaxy Note 7 ස්මාර්ට් ජංගම දුරකතන පුපුරා යාමේ සිද්ධි කිහිපයක් වාර්තා වීම නිසා සමාගම විසින් මෙම ස්මාර්ට් ජංගම ජංගම දුරකතන යළි කැඳවීමට පසුගිය දා පියවර ගනු ලැබීය.

මීට අමතරව එමිරේට්ස් පදනම් කර ගනිමින් ක්‍රියාත්මක එටිහාඩ්, ෆ්ලයි ඩුබායි හා එයාර් ඇරබියා ගුවන්යානාවල සහ සිංගපූරු ගුවන්සේවය, ඕස්ට්‍රේලියාවේ Qantas හා Virgin Australia ගුවන්යානාවල ද Samsung Galaxy Note 7 භාවිතය මේ වන විට තහනම් කර තිබේ.

මේ අතර ඇමරිකා එක්සත් ජනපදයේ හා ජපානයේ ගුවන්සේවා අධිකාරීන් විසින් මහජනතාව වෙත දැනුම් දී ඇත්තේ ගුවන්යානා තුළ දී විශාල තිරයකින් යුතු ස්මාර්ට් ජංගම දුරකතන භාවිතයෙන් හා චාජ් කිරීමෙන් වැළකී සිටින ලෙසයි.
- See more at: http://www.rawtv.lk/article/19934/samsung-galaxy-note-7-banned-from-use-on-planes#sthash.kos29bGb.dpuf




අපගේ නවතම පුවත් බලන්න..

© 2011-2016 Gossip9Lanka.co.uk

Join with Us

Latest Gallery

Video Gallery

A R C H I V E

Political News

Around the World

L A T E S T C O M M E N T S

S T A T S