Facebook Official Fanpage Official Twitter Account Google+ Official Page Rss Feed

Sinhala News

Entertainment

Sports News

Miscellaneous

TRENDING

LTTE ත්‍රස්තවාදී සංවිධානයත් සමග මෙරට ත්‍රිවිධ හමුදාවන් සිදු කළ යුද්ධයේ අවසන් කාල සීමාව පිළිබඳ මේජර් ජෙනරාල් Kamal Gunaratne මහතා ලියූ “රණබිම ඔස්සේ නන්දිකඩාල්” කෘතිය වාර්තා පොත් අලුත් කරමින් අළෙවිවන බව යි වාර්තා වන්නේ.

විශේෂයෙන් මේ දිනවල පැවැත්වෙන කොළඹ පොත් ප්‍රදර්ශණයේ දී මෙම කෘතියට ඇත්තේ ඉතා ඉහළ ඉල්ලුමක්.

ඉල්ලුමට සරිලන සැපයුම උදෙසා මේවන විටත් කෘතියෙහි මුද්‍රණවාර කිහිපයක්ම සිදුකර ඇති බව වාර්තා වෙනවා.

LTTE නායක වේළුපිල්ලේ ප්‍රභාකරන් ඝාතනය කළායින් පසුව හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතා තමාගෙන් කළ ඉල්ලීමක් පිළිබඳව මෙම කෘතිය රචනා කළ මේජර් ජෙනරාල් Kamal Gunaratne මහතා පසුගිය දා අදහස් පළ කළා.

යුද්ධය ජයග්‍රහණය කිරීමේ සිහිවටනය ලෙස ප්‍රභාකරන්ගේ ගෙල බැඳි “ඩෝග් ටැග්” එක හෙවත් සොල්දාදුවන්ගේ තොරතුරු සටහන් කර ඇති කුඩා ලෝහ පුවරුව හමුදාපතිවරයා තමාගෙන් ඉල්ලා සිටි බව යි ගුණරත්න මහතා පැවසුවේ.

ඒ මොහොත ගැන ඔහු මෙසේ සිහිපත් කළා.

“හැමදාමත් යුද හමුදාපතිවරයා අපට දෙන්නේ නියෝග. නමුත් ඔහු එදා මගෙන් ඉල්ලීමක් කළා. ‘කමල් ඊළාම් යුද්ධයේ සිහිවටනය ලෙස ඩෝග් ටැග් මට එක දෙන්න පුළුවන්ද’ කියලා ඔහු මගෙන් ඇහුවා. මුලින් මම එය මගේ සිහිවටනය ලෙස තබා ගන්න හිතුවා. නමුත් මට හැමදාමත් මගේ සියලුම යුද හමුදාපතිවරුන්ට ගරු කළා. ඒ නිසා එතුමාට මම ඩෝග් ටැග් එක මගේ විශ්වාසවන්ත නිලධාරියකු අතේ පසුදිනයේම යැව්වා.”






අපගේ නවතම පුවත් බලන්න..

© 2011-2016 Gossip9Lanka.co.uk

Join with Us

Latest Gallery

Video Gallery

A R C H I V E

Political News

Around the World

L A T E S T C O M M E N T S

S T A T S