Facebook Official Fanpage Official Twitter Account Google+ Official Page Rss Feed

Sinhala News

Entertainment

Sports News

Miscellaneous

TRENDING

සිදුවූ නවතම සිදුවීම විමසා බලන්න. ක්‍රිකට් ක්‍රීඩකයකුගේ මෝටර් රථයක ගැටී තරුණයකු මියගොස් තිබේ. අනතුර සිදුවූ මෝටර් රිය ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩක නුවන් කුලසේකරට අයත් රථයකි.

අනතුරින් මියගිය තරුණයා වූයේ නිට්ටඹුවේ දිනේෂ් අරවින්දයි.

මේ අනතුර සිදුවූ පසු නුවන් කුලසේකර කියා තිබෙන කතාවයි.

‘මට බියක් දැනුණා. රථය එසේම තිබියදී මම කඩයකට වී පොලිසිය එනතුරු බලා සිටියා. මන්ද මට පෙර කෙනකු පොලිසියට කතා කර තිබූ නිසයි. පොලිසිය පැමිණ අනතුර පිළිබඳ රාජකාරි කළ පසුව එම නිලධාරීන් සමඟම පොලිසියට ගොස් කටඋත්තර දුන්නා. මහෙස්ත්‍රාත්තුමා හමුවට ගියා. ඇප ලැබුණා. පොලිසියේ දැනුම්දීම මත 20 වැනි දින ඉදිරිපත් වුණා.’

නුවන්ගේ මෙම ප්‍රකාශය මේ වන විටත් දැඩි සමාජයීය කතාබහට ලක්වී තිබේ. ඒ මෙම ආකාරයටය.

වැරැද්ද, නිවැරැද්ද පසෙක දමා නුවන් වැදගත් මහත්මයකු සේ හැසිරී ඇත.
සිවිල් බලයක් සහිත පුද්ගලයකු වූ නුවන් කුලසේකර එම සිවිල් බලය හරහා කිසිවකුට කතා කර අනතුර වෙනත් මඟකට හැරවීමට උත්සාහ කර නැත.
අනතුර සිදුවූ විට අනතුර සිදුවූ ස්ථානයෙන් ඉවත්ව ඒ අසල සිට පොලිසිය එනතුරු බලා සිට ඇත.
ඒ අනුව අනතුරෙන් පසු පැනයෑමට උත්සාහ දරා නැත.
පොලිසිය පැමිණිවිට රාජකාරි කටයුතු සඳහා සහාය ලබාදී ඇත.
පොලිස් ස්ථානය තුළදීද සද්ද බද්ද නැතිව හැසිරී ඇත.
මහෙස්ත්‍රාත්තුමාගෙන් ඇප ලබා ගැනීමටද දන්නා කියන කිසිවකු කතාබහ කර නැත.
පොලිසියේ දැනුම් දීම මත නැවැත ඉදිරිපත් වී ඇත.
මෙම මෑතකාලීන සිදුවීමත් සමඟම අතීත සිදුවීමක්ද සිහිපත් කළ යුතුය.

එයද ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රිකට් ක්‍රීඩකයකු හට සම්බන්ධ කතාවකි.

කිසියම් හේතුවක් මත මෙම ක්‍රිකට් ක්‍රීඩකයා සාමාන්‍ය පුද්ගලයන් සමඟ ගැටුමක් ඇති කරගෙන තිබිණි. එහිදී එම ක්‍රිකට් ක්‍රීඩකයා අනෙක් පුද්ගලයන්ට තමා කවුද, තමාගේ බලය කුමක්ද යනුවෙන් පෙන්වාදී තිබිණි. එතෙකින් නොනැවතුණු එම ක්‍රීඩකයා ඔවුන්ට ‘තග’ දමා තිබිණි. එය ඉතා විශාලව මාධ්‍යවලද ප්‍රසිද්ධ විය.

දැන් නැවැත සිදුවූ මෙම අනතුර පිළිබඳ නුවන් දැක්වූ ප්‍රතිචාරයන් සහ අනුගමනය කළ පියවර විමසා බලමු.
‘මගේ දැනුම අනුව නම් මෙය වළක්වා ගත නොහැකියි.’

‘අනතුර එතරම්ම ක්‍ෂණිකවයි සිදුවුණේ. එහෙත් යහපත් පුරවැසියකු වශයෙන් මගේ යුතුකම වන්නේ රියේ ගැටුණු අයගේ පවුලේ අයට සාධාරණයක් ඉටු කිරීමයි.’

මෙම ප්‍රකාශය ඉතා වැදගත් බලසහිත ප්‍රකාශයකි. ඒ නුවන් කුලසේකර හරි හෝ වැරැදි හෝ වේවා යන්න ගැන පූර්ව නිගමන ඍජුව හෝ වක්‍රාකාරව ප්‍රකාශ නොකර සිටීමයි.

ඒ අනුව අනතුර සිදුවූයේ තමන්ගේ හෝ මියගිය තරුණයාගේ වරදින් බව ඔහු ප්‍රකාශ කර නැත.

එය නීතිය ක්‍රියාත්මක කරවන බලධාරීන් හට නුවන් භාරදී තිබේ. ඒ අනුව අදාළ නිලයන්ට නිරවුල් මනසින්, පැහැදිලි වැටහීමකින්, ඇසින් දුටු සහ පරීක්ෂණ සාක්ෂි මඟින් අනතුර පිළිබඳ වන රාජකාරි කටයුතු නිසි පරිදි ඉටු කර ගැනීමට ඉඩකඩ සැලැසේ.

මෙහිලා වැදගත් වන තවත් කරුණක් තිබේ. ඒ නුවන්ගේම ප්‍රකාශයයි.

‘පාරේ තරමක වාහන තදබදයක් තිබුණා. දළ වශයෙන් පනහක පමණ වේගයක් තිබුණා. හරියට වේගය කීමට මට අපහසු වුණත් එය අධික වේගයකින් යා හැකි අවස්ථාවක් නොවේ.’

අනතුරක් පිළිබඳ පරීක්ෂණ කරන නිලයන් හට අනතුර සිදුවන අවස්ථාවේ පැවැති තත්ත්වය නුවන් කුලසේකර එම ආකාරයට විස්තර කර තිබිණි.

මෙය ඉතා වැදගත් මහත්මා ප්‍රකාශයකි. මෙහිදී අනතුර පිළිබඳ මියගිය තරුණයාගෙන් ප්‍රකාශ ලබා ගැනීමට නොහැකිය. එසේ වූ විට ප්‍රකාශ ලබා ගත හැක්කේ අනතුරට සම්බන්ධ වූ අයගෙනුයි. එතැන සිට ඇත්තේ නුවන් පමණකි. එබැවින් ඔහුගේ ප්‍රකාශය සත්‍ය පදනම් කර ගත් එකක් විය යුතුය.

ඊළඟට වැදගත් වනුයේ මෙම රිය අනතුර සම්බන්ධව එහි සිටින අයගේ ප්‍රකාශයි. මෙම ප්‍රකාශ සියල්ල ගළපා බැලූ විට රිය අනතුර පිළිබඳ නිවැරැදි වැටහීමක් ලබා ගැනීමට පුළුවන්කම ලැබෙනු ඇත.

මේ නුවන්ගේ ප්‍රකාශයේ ඉතිරියයි.

‘පැති කණ්ණාඩියෙන් සෙනඟ පිරෙනවා මම දැක්කා. මා එතැනට ගිය පසුවයි පුද්ගලයකු වැටී සිටිනවා දුටුවේ. මා රියේ විනාඩියකට අඩු කාලයක් රැඳී සිට පසුවයි බැස්සේ. ලේ තිබෙනවා දුටු අතර හිසට අනතුරක් වී තිබුණා.’

විනාඩියකට අඩු කාලයක් රැඳී සිට මෝටර් රථයෙන් බැස්ස බව කියන නුවන්ගේ මෙම ප්‍රකාශය රිය අනතුර සම්බන්ධයෙන් ගත යුතු හොඳම පියවර නුවන් ගත් බවක් කියැවෙයි.

මේ ඔස්සේ පරීක්ෂණ කළ පොලිසිය රිය පදවන අවස්ථාවේ බීමත්ව නොසිටි බව දැනගෙන ඇත.

මියගිය දිනේෂ්ගේ මව වූ චම්මි නිශ්ශංකද සිදුවූ මෙම අනතුර පිළිබඳ ප්‍රකාශයක් දී තිබේ. එය ඉතා වටිනා උත්තරයක් බව කිව යුතුය.

‘අනතුරින් පස්සේ නුවන් කුලසේකරගේ තාත්තත් මා එක්ක දුරකතනයෙන් කතා කළා. අනේ මම කිව්වා නුවන්ගේ පියාට මගේ පුතා දැන් මැරිලා ඉවරනේ. එයාගේ වැරැද්දක් තිබුණත් නැතත්, දැන් ඔයාගේ පුතාව බේර ගන්න කියලා.’
මියගිය දිනේෂ්ගේ මව කියන මෙම කතාව තවත් අටුවා ටීකා ටිප්පනි සහිතව පැහැදිලි කළ යුතුව තිබේද?
ඒ පිළිබඳ ඔබම විමසා බලන්න.

නුවන් කුලසේකර සම්බන්ධ මෙම රිය අනතුර සහ මරණය ලංකා සමාජයට බොහෝ දේ කියා දෙමින් සිටියි.
ඒ අතරින් වඩා වැදගත් වන කතාවක්ද තිබේ. ඒ මෙයයි.

රිය අනතුරක් සිදුවූ පසු අනතුර සිදු කළා යැයි කියන පුද්ගලයන් මේ දේශපාලනය තුළ තවමත් සිටින බවයි. ඔවුන් කර තිබුණේ අනතුර පිළිබඳ පරීක්ෂණ පවත්වන්නට සහාය ලබා දීම නොව තම තමන්ගේ නිවැරැදි බව සහ අනතුරට පත්වූ අයගේ ක්‍රියාවන් ගැන ප්‍රසිද්ධ ප්‍රකාශ ලබා දීමයි.

මෙම අනතුර එක් දෙයක් ගැන මනා පැහැදිලි කිරීමක් කරයි. එනම්,
අනතුරකදී වඩා වැදගත් වනුයේ තම තමන්ගේ මතයන් හෝ ප්‍රකාශ දැක්වීම නොව අනතුර සිදුවූ ආකාරය පිළිබඳ අපක්ෂපාතී විස්තරයකුයි.

ලියනු ලැබූ මෙම සටහන නුවන් කුලසේකර වෙනුවෙන් පෙනී සිටීමක් නොවන බවත් නුවන් එම අවස්ථාවේ හැසිරුණු ආකාරය පිළිබඳ විමසීමක් වන බවත් මෙහිලා සටහන් කරනු කැමැත්තෙමි.

නිශ්ශංක වනිගරත්න
මව්බිම




අපගේ නවතම පුවත් බලන්න..

© 2011-2016 Gossip9Lanka.co.uk

Join with Us

Latest Gallery

Video Gallery

A R C H I V E

Political News

Around the World

L A T E S T C O M M E N T S

S T A T S