Facebook Official Fanpage Official Twitter Account Google+ Official Page Rss Feed

Sinhala News

Entertainment

Sports News

Miscellaneous

TRENDING

පුත්තලම, වනාතවිල්ලුව පොලිස් බල ප්‍රදේශයට අයත් කලා ඔය නාන තොටුපලදී දෙපිරිසක් අතර, ඇතිවූ බහින් බස් වීමක් දිග දුර යාම හේතුවෙන් ඇතිවූ පහරදීමකින් දෙපිරිසෙන් කිහිපදෙනෙකු බරපතල තුවාල ලබා පුත්තලම මූලික රෝහලට ඇතුලත් කර තිබෙනවා.

පුත්තලම, කල්පිටිය සිට පසුගිය 18 වනදා 17කගෙන් සමන්විත පිරිසක් දිය නෑම සදහා සුඛෝපභෝගි ජීප් රථයකින් විල්පත්තුව ජාතික වනෝද්‍යානයට දකුණු මායිම්ව ගලා බසින කලා ඔය නාන තොටුපලට ගොස් තිබෙනවා.

ඔවුන් දිය නෑම සදහා පැමිණි ආපසු නිවෙස් බලා යාමට සූදානම්ව සිටියදී එම ස්ථානය අසල රැදී වනාතවිල්ලුව ප්‍රාදේශිය සභාවේ හිටපු උප සභාපතිවරයෙකු ඇතුළු තවත් දස දෙනෙකුගෙන් සමන්විත පිරිසක් අධික බීමතින් මෙම පිරිසට පහරදීමක් සිදුකර තිබෙනවා.

පසුව දෙපිරිස අතර ඇතිවු ගුටි කෙළි හුවමාරුවකින් අනතුරුව කල්පිටිය සිට පැමිණි පිරිසගේ ජීප් රථයට රුපියල් ලක්ෂයකට ආසන්න අලාභයක් සිදු කර ඇති අතර, ඔවුන්ගෙන් දෙදෙනෙකුටද පහරදීමෙන් බරපතල තුවාල සිදු කර ඇති බවයි පරික්ෂණ පවත්වන වනාතවිල්ලුව පොලිසිය සදහන් කරන්නේ.

අනතුරුව වනාතවිල්ලුව ප්‍රාදේශිය සභාවේ හිටපු උප සභාපතිවරයාද පුත්තලම ප්‍රදේශයේ පුද්ගලික රෝහලකින් ප්‍රතිකාර ගෙන ඇති බවයි පුද්ගලික රෝහල් ආරංචි මාර්ග සදහන් කරන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට කල්පිටිය ප්‍රදේශයේ පදිංචිකාර පුද්ගලයින් 14 දෙනෙකු වනාතවිල්ලුව පොලිසිය මගින් අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව පොලිස් ඇප මත මුදා හැරී ඇති අතර, වනාතවිල්ලුව ප්‍රාදේශිය සභාවේ හිටපු උප සභාපති ඇතුළු පිරිස සොයා වනාතවිල්ලුව පොලිසය පුළුල් පරික්ෂණ ආරම්භ කර තිබුණි.





අපගේ නවතම පුවත් බලන්න..

© 2011-2016 Gossip9Lanka.co.uk

Join with Us

Latest Gallery

Video Gallery

A R C H I V E

Political News

Around the World

L A T E S T C O M M E N T S

S T A T S