Facebook Official Fanpage Official Twitter Account Google+ Official Page Rss Feed

Sinhala News

Entertainment

Sports News

Miscellaneous

TRENDING

හික්කඩුවේ තරුණියක් දුම්රියේ ගැටී මියගියාට පස්සේ ඇයව තල්ලු කළා ද ? සියදිවි නසා ගත්තා ද ? කියලා ලොකු සැකයක් මතුකළ සිද්ධිය ගැන ඔයාලට මතකද ? 

මේ තරුණියගේ මරණයෙන් පස්සේ ඇගේ පෙම්වතා යැයි කියන තරුණයාත් ඔහුගේ නිවස අසළ තියෙන ළිදකට පැන සියදිවි නසාගත්ත පුවතත් අපි ඔයාලට කිව්වා.

මේ කතාව එතනින් ඉවරයි කියලා හිතුවත් ඇත්තටම තාමත් ඉවර නැහැ.

මොකද මේ තරුණයා ඇත්තටම සියදිවි නසාගෙන නැහැ. එයාව ඝාතනය කරලා කියලා මේ වෙන කොට තොරතුරු හෙළිවෙලා තියෙනවා.

මේ තරුණයාව ඝාතනය කරලා තියෙන්නේ එයාගේ පෙම්වතිය යැයි කියන තරුණියගේ සහෝදරයායි.

ඒ තරුණියගේ සහෝදරයාට මේ ඝාතනය කරන්න උදව් කරපු තවත් දෙනේනෙක්ව පොලීසිය අත්අඩංගුවට අරගෙන තියෙනවා.

සැකකරුවන් තිදෙනාව අත්අඩංගුවට ගත්තේ ඊයේ (22) පෙරවරුවේ.

මේ සිද්ධිය වුනේ හරියටම පහුගිය ජූලි 25 වැනිදා.

එදා මේ තරුණිය ඇගේ පෙම්වතාත් එක්ක අම්බලන්ගොඩ දුම්රිය නැවත්පොළ ළග කතාකරමින් යනකොට එකපාරටම තමන්ගේ සහෝදරයාව දැකලා තියෙනවා.

ඒත් එක්කම තරුණිය එකවරම දුම්රිය පීලිමතින් අනෙක් පැත්තට යන්න දුවලා.

ඒ අවස්ථාවෙම දුම්රියකුත් ඇවිල්ලා.

ඒ දුම්රියට තමයි මේ තරුණිය ගැටිලා තියෙන්නේ.

පෙම්වතිය දුම්රියේ ගැටීමත් එක්ක ඇගේ සහෝදරයාව දැකපු පෙම්වතා යැයි කියන තරුණයා එතනින් පැනලා ගිහිල්ලා තියෙනවා.

මේ තරුණයා බස් රථයකට ගොඩවෙලා යනකොට පෙම්වතියගේ සහෝදරයාත් ඔහු පසුපසින් ඇවිල්ලා.

ඊට පස්සේ තරුණියගේ සහෝදරයා ත්‍රිරෝද රථයක් තියෙන තමන්ගේ මිතුරෙක්ට සහ තවත් පුද්ගලයෙක්ට බස් රථය ධාවනය වන මාර්ගයට එන්න කියලා දුරකථන ඇමතුමක් දීලා තියෙනවා.

ඊට පස්සේ ඔවුන්ගේ ද උදව් උපකාර ඇතිව තම නැගණියගේ පෙම්වතාව අර කියපු තුන්දෙනා තරුණයාගේ නිවස අසළම තියෙන ළිදක් ළගට රැගෙන ගිහිල්ලා වතුරේ ගිල්වා ඝාතනය කරලා.

මේ ඝාතනය කළාට පස්සේ තමයි තරුණියගේ සහෝදරයා පොලීසියට ඇවිත් තමන්ගේ සහෝදරියගේ මරණය සම්බන්ධයෙන් කටඋත්තර ද දීලා ගිහිල්ලා තියෙන්නේ.

කොහොමවුනත් අදාළ තරුණයාගේ මරණය ගැන සැකකළ පොලීසිය සිදුකරපු විශේෂ පරීක්ෂණයකින් පස්සේ තමයි ඊයේ (22) පෙරවරුවේ ප්‍රධාන සැකකරු වන අදාළ තරුණියගේ වයස අවුරුදු 35ක් වූ සහෝදරයාව රඹුක්කන දි අත්අඩංගුවට අරගෙන තියෙන්නේ.

අත්අඩංගුවට ගත් අනෙක් සැකකරුවන් වයස අවුරුදු 20ක් සහ 30ක් වන අයයි.

මොවුන් හෙට (24) බලපිටිය අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

අපගේ නවතම පුවත් බලන්න..

© 2011-2016 Gossip9Lanka.co.uk

Join with Us

Latest Gallery

Video Gallery

A R C H I V E

Political News

Around the World

L A T E S T C O M M E N T S

S T A T S