Facebook Official Fanpage Official Twitter Account Google+ Official Page Rss Feed

Sinhala News

Entertainment

Sports News

Miscellaneous

TRENDING

බණ්ඩාරගම අටළුගම ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුගේ අතුරුදන්වීමක් පිළිබදව පහුගිය 4 වැනිදා අපි ඔබට කිව්වා.

ඔහු තවත් තිදෙනෙකු සමග මෝටර් රථයකින් කන්තලේ ප්‍රදේශයේ නවාතැන් අරගෙන තමයි රාජ්‍ය බැංකුවක පැවැත්වුනු රන් වෙන්දේසියකට සහභාගි වෙන්න ගිහිල්ලා තිබුණේ.

ඒ වෙලාවේ ඖෂධයක් ගන්න ෆාමසියට ගියත් ඊට පස්සේ ඔහු ගැන කිසිම තොරතුරක් නැහැ කියලයි වාර්තා පළවුනේ.

මේ විදිහට අතුරුදන් වුනේ මොහොමඩ් නෆ්රීන් නමැති 35 හැවිරිදි දෙදරු පියෙක්.

අතුරුදන්වුනු දවසේ ඒ ගැන බොහොම කම්පාවෙන් මාධ්‍යයට අදහස් පලකළ නෆ්රීන්ගේ බිරිද තොරතුරු හොයන්න අද දවසේත් මාධ්‍යවේදීන් ගිය වෙලාවේ දොර වහගත්තා.

එදා කම්පාවෙන් හිටපු ව්‍යාපාරිකයාගේ පියත් අද හැසිරුනේ බොහෝම සැහැල්ලුවෙන්.

එයා උදේ අපිට කිව්වේ අද හවස් වෙන්න ඉස්සෙල්ලා පුතා ගෙදර එනවා කියලා සාස්තරේකත් කියවුනා කියලයි.

හැබැයි සිද්ධ වෙලා තියෙනදේ බොහෝ වෙනස්.

පොලිස් පරීක්ෂණ වලදී හෙළි වුනේ මේ ව්‍යාපාරිකයා හතර වටේටම ණය වෙච්ච එක්කෙනක් කියලයි.

ඒ විදිහට ණය වුන ගණන රුපියල් කෝටියකට වැඩියි.

එයා ගෙයක් හදන්න ගත්ත බඩු වලට හාඩ්වෙයාර් එකටත් ලක්ෂ ගාණක් ණයයි.

මේ තොරතුරු ඔස්සේ සූක්ෂම ක්‍රියාත්මක වුනු පොලීසිය ත්‍රිකුණාමලයේදි ව්‍යාපාරිකයත් එක්ක හිටපු දෙන්නෙක් පොලිස් භාරයට අරගෙන ප්‍රශ්න කරන්න පටන් ගත්තා.

ඒ වෙලාවේ ණය උගුලෙන් ගැලවෙන්න මේ ව්‍යාපාරිකයා යාපනයට පැනලා තියෙනවා කියලා තොරතුරු හෙළිවුනා කියලයි වාර්තා වෙන්නේ.

ටික දවසක් යාපනයේ ඉදන් ඇවිත් සල්ලි පැහැරගත්තා කියලා බොරුවක් ගොතලා ණය උගුලෙන් ගැලවෙන්න පුළුවන් කියලා එයා කල්පනා කරන්න ඇති.

කොහොමවුනත් අතුරුදන් වූ බවට රටම නොමග හැරිය මේ ව්‍යාපාරිකයා තමන් යාපනයේ ඉන්න බවට ගෙදරට දැනුම්දීලා කියලත් තොරතුරු ලැබෙනවා.

ඒ නිසා තමයි ඊයෙට වඩා අද ගෙදර අයත් මේ විදිහට වෙනස් වෙලා තියෙන්නේ.

ව්‍යාපාරිකයාත් එක්ක මෝටර් රථයෙන් ත්‍රිකුණාමලයට ගිය තිදෙනාගෙන් දෙදෙනෙකුම ඔහුගේ මෙම සැලැස්ම ගැන දැනගෙන ඉදලා.

අපට ආරංචි ලැබෙන විදිහට අද රෑ යාපනයේ හැංගිලා ඉන්න මේ ව්‍යාපාරිකයා බොහෝ දුරට පොලීසියට කොටුවේවි.




අපගේ නවතම පුවත් බලන්න..

© 2011-2016 Gossip9Lanka.co.uk

Join with Us

Latest Gallery

Video Gallery

A R C H I V E

Political News

Around the World

L A T E S T C O M M E N T S

S T A T S