Facebook Official Fanpage Official Twitter Account Google+ Official Page Rss Feed

Sinhala News

Entertainment

Sports News

Miscellaneous

TRENDING

තම දියණියන් දෙදෙනා දුෂණය කිරීමට තම සැමියාට ඉඩ සලසා දුන් මවක් පිළිබඳව පුවතක් ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වනවා.

මෙම එක් දියණියකගේ වයස අවුරුදු 3ක් වන අතර අනෙක් දියණියගේ වයස අවුරුදු 5ක් බවටයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.
තම සැමියා දරුණු පුද්ගලයෙක් බැවින් ඔහුට ඇති දැඩි බිය හේතුවෙන් තමන් මෙලෙස කිරීමට ඉඩ ලබාදුන් බවටයි අදාල මව එරට අධිකරණය හමුවේ ප්‍රකාශ කර ඇත්තේ.

ඔවුන් දෙදෙනා අතර ඇති ආරවුල් හේතුවෙන් ඔවුන් මීට පෙර වෙන්වී ගොස් තිබෙනවා.

අදාළ කාන්තාව ප්‍රකාශ කරන්නේ තම දියණියන් දෙදෙනා වරදට පොලඹවා දෙන ලෙසට තම සැමියා විසින් දරුණු ලෙස තර්ජනය කළ බවයි.

ඒ අනුව ඇය පවසන්නේ විටින් විට අවස්ථා කිහිපයකදී මෙලෙස තම දියණියන් ඔවුන්ගේම පියා විසින් දුෂණය කළ බවයි.

නිදා සිටින අවස්ථා වලදී මෙන්ම එක් අවස්ථාවක තම දියණියකගේ දෑස තමන් විසින් වසාගෙන සිටින අවස්ථාවකදීද තම සැමියා විසින් දැරිය අපයෝජනය කළ බවටයි ඇය අධිකරණය හමුවේ වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.

කෙසේ වෙතත් පරීක්ෂණ අතරතුර දැරියන්ගෙන් අදාළ සිදුවීම් පිළිබඳව කළ විමසීම් වලදී ඔවුන්ගේ ප්‍රකාශ වල එවැනි සිදුවීමක් පිළිබඳව වාර්තා නොවන බවටයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

අදාළ සිදුවීම් පිලිබඳව එරට පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරනවා.




අපගේ නවතම පුවත් බලන්න..

© 2011-2016 Gossip9Lanka.co.uk

Join with Us

Latest Gallery

Video Gallery

A R C H I V E

Political News

Around the World

L A T E S T C O M M E N T S

S T A T S