Facebook Official Fanpage Official Twitter Account Google+ Official Page Rss Feed

Sinhala News

Entertainment

Sports News

Miscellaneous

TRENDING

අතුරුදන්ව සිටි බණ්‌ඩාරගම ව්‍යාපාරිකයා පොලිසියට කියයි

"මම රුපියල් කෝටි තුනකට වැඩි මුදලක්‌ ණය වෙලා තියෙනවා. ණයකාරයෝ මට නිතරම කරදර කරන නිසා ඒ අයගෙන් බේරෙන්න මම මේ සැලසුම සකස්‌ කළා" යෑයි ත්‍රිකුණාමලය නගරයේදී අතුරුදන් වූ මුස්‌ලිම් ජාතික ව්‍යාපාරිකයා පොලිසිය හමුවේ පාපොච්චාරණය කරමින් ඊයේ (7 වැනිදා) කියා සිටියේය.

මෙම සැලසුම වැරදුණා නම් තමන් සියදිවි හානි කර ගැනීමට ද සැලසුම් කරගෙන සිටි බව ව්‍යාපාරිකයා පොලිසිය හමුවේ වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.

ත්‍රිකුණාමලය රජයේ බැංකුවක රන් භාණ්‌ඩ වෙන්දේසියකට පැමිණ සිටියදී ඉකුත් 04 වැනිදා අතුරුදන් වූ මෙම ව්‍යාපාරිකයා පෙරේදා රාත්‍රි හපුතලේ හල්දුම්මුල්ල ප්‍රදේශයේ නිවසක සැඟවී සිටියදී පොලිසිය මගින් සොයාගෙන ඇත.

ත්‍රිකුණාමලය නගරයෙන් වවුනියාව බලා ගොස්‌ ඇති ව්‍යාපාරිකයා පසුව යාපනයට ගොස්‌ ඇත. එහිදී මොහු දුරකථන කුටියකින් තම ගෝලයාට සහ බිරිඳට කතා කර තමා නිරුපද්‍රිතව සිටින බව ප්‍රකාශ කර ඇත.

පසුව මොහු යාපනයේ සිට වවුනියාව දක්‌වා පැමිණ එතැනින් හපුතලේ ප්‍රදේශයට ගොස්‌ තිබිණි. ඔහුගේ ගෝලයාගේ ඥාති නිවසක්‌ හපුතලේ හල්දුම්මුල්ල ප්‍රදේශයේ පිහිටා තිබූ අතර ඔහු එම නිවසේ නවාතැන් ගෙන ඇත.

ව්‍යාපාරිකයා සිය ගෝලයාට ලබාදුන් දුරකථන ඇමතුම් ඔස්‌සේ පරීක්‍ෂණ පැවැත්වූ පොලිසිය ඔහු සැඟවී සිටි ස්‌ථානය සොයාගෙන පසුව අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම ව්‍යාපාරිකයා ඉකුත් 4 වැනිදා ත්‍රිකුණාමලය රජයේ බැංකුවක පැවැති රන් ආභරණ වෙන්දේසියේදී නොවටිනා ගණන්වලට රන් ආභරණ විශාල ප්‍රමාණයක්‌ ලබා ගැනීමටද උත්සාහ කර තිබූ බව පරීක්‍ෂණවලින් හෙළිවී තිබේ.

ව්‍යාපාරිකයා රන් ආභරණ වෙන්දේසිය සඳහා රුපියල් විසි ලක්‍ෂයක මුදලක්‌ රැගෙන ආ බවට ඔහුගේ ඥාතීන් ප්‍රකාශ කර තිබුණද ඔහු සොයාගත් අවස්‌ථාවේ තිබී ඇත්තේ රුපියල් විසිදහසකට ආසන්න මුදලකි.

මෙම ව්‍යාපාරිකයාගේ අතුරුදන් වීමෙන් මුළු රටම උණුසුම් වූ අතර ඔහු සෙවීම සඳහා පොලිසිය දැඩි පරිශ්‍රමයක්‌ දැරීය.

ත්‍රිකුණාමලය ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි ඒ. ජී. ඡේ. චන්දකුමාර හා සහකාර පොලිස්‌ අධිකාරි ජයසිරි කොඩිතුවක්‌කු යන මහත්වරුන්ගේ උපදෙස්‌ මත පරීක්‍ෂණ පැවැත්වේ.




අපගේ නවතම පුවත් බලන්න..

© 2011-2016 Gossip9Lanka.co.uk

Join with Us

Latest Gallery

Video Gallery

A R C H I V E

Political News

Around the World

L A T E S T C O M M E N T S

S T A T S