Facebook Official Fanpage Official Twitter Account Google+ Official Page Rss Feed

Sinhala News

Entertainment

Sports News

Miscellaneous

TRENDING

තම දරුවන් සහ මුණුපුරු මිනිපිරියන් දැකගැනීමට නොහැකිව සිත් තැවුලට පත් 71 හැවිරිදි පුද්ගලයෙකු වස පානය කර සියදිවි හානිකරගැනීමේ ශෝචනීය පුවතක් දඹුල්ල ප්‍රදේශයෙන් වාර්තාවුණා.

මහවෙල - රතලවැව ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වූ ඔහු දඹුල්ල ප්‍රදේශයේ මල්ශාලා හිමිකරුවෙකු වන ඥාති පුතුයෙකුගේ නිවසක නවාතැන් ගෙන සිට තිබෙනවා.

අවස්ථා කිහිපයකදී තම දරුවන් දෙදෙනාට දුරකථන ඇමතුම් ලබාදී පවසා ඇත්තේ තමාට ඔවුන් දැකගැනීමට අවශ්‍ය බවයි.

ඒ අනුව පසුගියදා හොරණ ප්‍රදේශයේ පදිංචි එක් පුතෙකු, පියා හමුවීමට පැමිණ තිබෙනවා. එහිදී ඔහු පවසා ඇත්තේ මුණුපුරු මිනිපිරියන් දැකගැනීමට මහත් ආශාවෙන් පසුවන බවයි.

එම ඉල්ලීම ඉටු නොකිරීම හේතුවෙන් මියගිය පුද්ගලයා දැඩි සිත්තැවුලට පත්ව සිටි බවට මල්ශාලාවේ හිමිකාර ඥාති පුත්‍රයා පශ්චාත් මරණ පරීක්ෂණයේදී ප්‍රකාශ කර තිබෙනවා.




අපගේ නවතම පුවත් බලන්න..

© 2011-2016 Gossip9Lanka.co.uk

Join with Us

Latest Gallery

Video Gallery

A R C H I V E

Political News

Around the World

L A T E S T C O M M E N T S

S T A T S