Facebook Official Fanpage Official Twitter Account Google+ Official Page Rss Feed

Sinhala News

Entertainment

Sports News

Miscellaneous

TRENDING

දකුණු ඇමරිකාවේ අධිකරණයක් ඊයේ මිනීමැරුමකට වරදකරුවෙක් වුණු පුද්ගලයෙකුට වසර 100 ක සිර දඬුවමක් නියම කළා.

මේ පුද්ගලයා ඝාතනය කරලා තිබුණේ තමන්ගේ බිරිඳගේ පළමු විවාහයේ දියණියව.
ඒ 2015 වසරේදී.

අවාසනාවන්ත විදිහට ජීවිතෙන් සමුගත් මේ දැරියට ඒ වෙද්දී වයස අවුරුදු තුනයි.

මෙක්සිකෝවේ හෝටලයක නවාතැන්ගෙන සිටියදී , හෝටලයේ පිහිනුම් තටාකටයට මේ දැරියව විසිකරලා, ඉන් පස්සේ දැරියව වතුර යටට ඔබාගෙන ඉඳල ගිල්ලවීමෙන් තමයි මේ මරණය සිදුකරලා තියෙන්නේ.

මේ මරණය සිදුකරන්න කලින් කිහිප වතාවක්ම මේ දැරියව පිහිනුම් තටාකෙට විසි කරමින්, දැරියට පිහිනීම පුරුදු කරනවා කියලත් ඔහු හෝටලයේ සිටි අයට අඟවනවා.

දැරිය ජලයට බය නිසා බය නැතිකරන්න මෙහෙම කරනවා කියලත් ඔහු අනෙක් අයට අඟවලා. මේ බව හෝටලයේ කැමරාවකත් සටහන්වෙලා තිබුණා.

ඉන් පස්සේ රාත්‍රී කාලයේ මේ දරියව පිහිනුම් තටාකයට දමා ඝාතනය කරලා.

දියේ ගිලී මියගිය දැරියගේ සිරුර සේවකයෙකු විසින් දැක තිබුනේ පහුවදා උදේ.

කොහොම හරි, මරණයට පෙර සහ පසුව මේ දැරියගේ ගෙලේ සටහන් ව තිබු ඇඟිලි සලකුණුවලින් තමයි මේ මරණය සිදුවුණු විදිහත් ඝාතකයා කවුද කියලත් හොයාගන තියෙන්නේ.






අපගේ නවතම පුවත් බලන්න..

© 2011-2016 Gossip9Lanka.co.uk

Join with Us

Latest Gallery

Video Gallery

A R C H I V E

Political News

Around the World

L A T E S T C O M M E N T S

S T A T S