Facebook Official Fanpage Official Twitter Account Google+ Official Page Rss Feed

Sinhala News

Entertainment

Sports News

Miscellaneous

TRENDING

කොළඹ නුවර මාර්ගයේ කිරිල්ලවල රන්මුතුගල ප්‍රදේශයේදී තරුණයකු ඊයේ (19 වැනිදා) සවස මෝටර් රථයක ගැටී මිය යැමෙන් පසු මෝටර් රථය පැදවූ ක්‍රිකට්‌ ක්‍රීඩක නුවන් කුලසේකර මහතා කඩවත පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් නුවන් කුලසේකර ඊයේ (19 වැනිදා) සවස මහර ප්‍රධාන මහෙස්‌ත්‍රාත් තනුජා ලක්‌මාලි ජයතුංග මහත්මිය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් ලක්‍ෂයක ශරීර ඇප මත මුදාහැරීමට නියෝග කර තිබේ.

අනතුරින් මියගොස්‌ ඇත්තේ නිට්‌ටඹුවේ පදිංචි අරවින්ද නිශ්ශංක නමැති 28 හැවිරිදි තරුණයෙකි.

නුවන් කුලසේකර මහතා මෝටර් රථයෙන් කොළඹ දෙසට ගමන් කරමින් සිටියදී ඊට ප්‍රතිවිරුද්ධ දෙසින් මියගිය තරුණයා යතුරුපැදියකින් පැමිණ ඇත.

තරුණයා යතුරුපැදියෙන් පැමිණෙමින් සිටියදී ඔහුට යතුරුපැදිය පාලනය කර ගත නොහැකිව හෝ වෙනත් හේතුවක්‌ මත යතුරුපැදිය පෙරළී තරුණයා ප්‍රතිවිරුද්ධ මන්තීරුවට විසිවී ඇති බවත් එම අවස්‌ථාවේ කුලසේකර පැමිණි මෝටර් රථයට යටවී ඇති බවත් පොලිසිය සිදු කළ මූලික විමර්ශනවලදී හෙළිවූ බව කඩවත පොලිසියේ උසස්‌ නිලධාරියෙක්‌ පැවසීය.

සිද්ධිය සම්බන්ධයෙන් නුවන් කුලසේකර අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඔහු ඇප මත මුදාහළ බවද එම නිලධාරියා කීය. සිද්ධිය සම්බන්ධයෙන් කඩවත පොලිස්‌ ස්‌ථානාධිපති පෙරුමාල් පද්මනාදන් මහතාගේ උපදෙස්‌ මත රථවාහන අංශය වැඩිදුර විමර්ශන සිදුකරති.

චමින්ද සිල්වා




අපගේ නවතම පුවත් බලන්න..

© 2011-2016 Gossip9Lanka.co.uk

Join with Us

Latest Gallery

Video Gallery

A R C H I V E

Political News

Around the World

L A T E S T C O M M E N T S

S T A T S