Facebook Official Fanpage Official Twitter Account Google+ Official Page Rss Feed

Sinhala News

Entertainment

Sports News

Miscellaneous

TRENDING

තමන්ගේ විදුහල්පති කාර්යාලයේදී පාසැලේ සිටි 14 වියැති පාසල් සිසුවියකට අතවර කිරීමේ සිද්ධියක් සම්බන්දයෙන් සැකපිට පන්නල ප්‍රදේශයේ විදුහලක විදුහල්පතිවරයා ඊයේ (7දා) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම සිසුවිය ඇය සිටි පාසලේම සිසුවෙකු සමඟින් පෙම් සම්බන්ධයක් පවත්වාගෙන ගොස් ඇති අතර එය හසුවී පන්තිභාර ගුරුවරිය විසින් මේ ගැන විදුහල්පතිවරයා දැනුවත් කර තිබෙනවා.

පසුව ඒ පිළිබඳව ප්‍රශ්න කිරීම සඳහා සිසුවිය විදුහල්පති කාමරයට කැඳවා ඇති අතර එහිදී විදුහල්පතිවරයා විසින් සිසුවියට අතවර කර ඇති බව දැනගන්නට ලැබෙනවා.

මීට අමතරව විදුහල්පතිවරයා විසින් මේ දැරියට අපල කාලයක් උදා වී ඇති බව පවසා දන්න අඳුනන කපු මහතකු හමුවීමට යෑම සඳහා ආරාධනා කර තිබෙනවා. කෙසේ නමුත් දැරිය එම යෝජනාවට විරුද්ධත්වය ප්‍රකාශ කර තිබෙනවා.

නැවත ඊට පසු දින විදුහල්පතිවරයා නිවාඩු දමා සිසුවිය පාසල් ඇරී එනතුරු අඟුරුවැල්ල නගරයට වී සිට ඇති අතර සිසුවිය පැමිණි පසු දේවාලයකට යෑම සඳහා නැවත ආරාධනා කළ අවස්ථාවේ සිසුවිය මේ පිළිබඳ අඟුරුවැල්ල නගරයේ ඥාතියකුට පවසා තිබෙනවා.

ඔවුන් සිද්ධිය පිළිබඳව පොලිසියට පැමිණිලි කර තිබෙන අතර විදුහල්පතිවරයා සැකපිට අත්අඩංගුවට ගෙන ඇත්තේ එම පැමිණිල්ලට අනුවයි.

පාසල් සිසුවිය වෛද්‍ය පරීක්ෂණයකට භාජන කිරීම සඳහා කරවනැල්ල දිසා රෝහලට ඇතුළත් කර ඇති බවත් දැනගන්නට ලැබෙනවා.




අපගේ නවතම පුවත් බලන්න..

© 2011-2016 Gossip9Lanka.co.uk

Join with Us

Latest Gallery

Video Gallery

A R C H I V E

Political News

Around the World

L A T E S T C O M M E N T S

S T A T S