Facebook Official Fanpage Official Twitter Account Google+ Official Page Rss Feed

Sinhala News

Entertainment

Sports News

Miscellaneous

TRENDING

තමන් විසින් සාදා පැකට් කරමින් තිබූ රුපියල් දහයක වටිනාකමින් යුතු මුරුක්කු පැකට් දෙකකට ලේලිය අතින් වතුර වැටුණා යැයි කනස්සල්ලට පත් තිදරු මවක් පෙරේදා (4දා) වස පානය කොට මියගොස් ඇතැයි රඹුක්කන පොලිසිය කියයි.

මෙලෙස මියගොස් ඇත්තේ රඹුක්කන, හේවාදිවෙල, අලුගොල්ල, මීඅඹගහතැන්න ග්‍රාමයේ පදිංචිව සිටි වික්‍රමගේ කරුණාවතී නමැති 65 හැවිරිදි තිදරු මවකි.

මියගොස් ඇති තිදරු මව වසර හතරක පමණ කාලයක සිට මුරුක්කු සාදා පැකට් කර ප්‍රදේශයේ වෙළෙඳසල්වලට අලෙවි කර මුදල් උපයා ගනිමින් යුද හමුදාවේ සේවය කරන බාල පුතා සමඟ මහගෙදර පදිංචිව සිට ඇති බවත් පොලිසිය කියයි. මෙසේ සිටියදී පෙරේදා (4දා) ඇය මුරුක්කු බැද ලේලිය සමඟ එක්ව මුරුක්කු පැකට් කර ඇත. එහිදී ලේලිය අතින් මේසය උඩ තිබූ වතුර කෝප්පයක් පෙරළී යෑමෙන් පැකට් කර තිබූ මුරුක්කු පැකට් දෙකකට වතුර හලා ගොස් ඇත. පසුව මේ මව ලේලියට බැනවදිමින් වත්ත පහළට ගොස් එළවළු වගාවට ගෙන තිබූ කෘමිනාශක බෝතලයක් පානය කර ඇත. පසුව බාල පුතා විසින් ඇය රඹුක්කන මූලික රෝහලට ඇතුළත් කර තිබේ.

පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා කෑගල්ල මහ රෝහලට ඇතුළත් කර සිටියදී පෙරේදා රාත්‍රි මියගොස් තිබිණි. මියගිය කාන්තාවගේ පශ්චාත් මරණ පරීක්ෂණය ඊයේ (5දා) කෑගල්ල මහ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි වෛද්‍ය රමේෂ් අලගියවන්න මහතා විසින් පවත්වන ලද අතර මරණය වස පානය කිරීමෙන් සිදු වූ මරණයක් බවට කෑගල්ල නාගරික රෝහල් හදිසි මරණ පරීක්ෂිකා රේණුකා එස්. කළුආරච්චි නිශ්ශංක මහත්මිය නිගමනය කළාය. රඹුක්කන පොලිසියේ පොලිස් සැරයන් නිමල් ජයවීර (30239) පරීක්ෂණ මෙහෙයවීය.




අපගේ නවතම පුවත් බලන්න..

© 2011-2016 Gossip9Lanka.co.uk

Join with Us

Latest Gallery

Video Gallery

A R C H I V E

Political News

Around the World

L A T E S T C O M M E N T S

S T A T S