Facebook Official Fanpage Official Twitter Account Google+ Official Page Rss Feed

Sinhala News

Entertainment

Sports News

Miscellaneous

TRENDING

පාසල් නොයා රැකියාවකට යන ලෙස මව හා පියා විසින් බැන පහරදී නිවෙසින් එළවා දැමූ බාලවයස්කාර පාසල් ශිෂ්‍යාවක් පිළිබඳ කෑගල්ල මහ රෝහලෙන් වාර්තා විය. මෙලෙස කෑගල්ල මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින්නේ රතුපස්කැටිය, බිබිල ප්‍රදේශයේ පදිංචි 10 වැනි ශේ‍ර්ණියේ අධ්‍යාපනය හදාරන 15 හැවිරිදි පාසල් ශිෂ්‍යාවක් බව පොලිසිය පවසයි.
කෑගල්ල මහ රෝහලේ ප්‍රතිකාර ලබන පාසල් ශිෂ්‍යාවගේ මවුපියන් විසින් ඇයව පාසල් නොයවා ඇති බවත් පොලිසිය කියයි. අප්‍රේල් මාසයේ සිට මේ දක්වා ඇයට රැකියාවකට යන ලෙස දන්වා මවුපියෝ දෙදෙනා නිතර නිතර බනින බවත් පහරදෙන බවත් පොලිසියට දන්වා ඇත. පසුව ඇය බිබිල ප්‍රදේශයේ වෙළෙඳසලක රැකියාවට ගොස් ඇති අතර එහිදී පාලනාධිකාරිය විසින් බාලවයස්කාරියක් ලෙස හඳුනාගෙන ඇයට රැකියාවක් ලබාදී නැත. පසුව මව මෙම දැරියාගේ උප්පැන්න සහතිකයේ උපන් දිනය වෙනස් කර වැඩි වයස් යොදා වෙනත් උප්පැන්න සහතිකයක්ද සාදා දී යළි රැකියාවකට යන ලෙස ඇයට ප්‍රකාශ කර ඇත.

නිතර නිතරම මවුපියන්ගේ වධහිංසා ඉවසා ගැනීමට නොහැකිව ඉකුත් 23දා සවස 4ට පමණ කිසිවකුටත් නොකියා සිය නිවෙසින් කෑගල්ල, අටාල, හීන්වැල්ලේ පදිංචිව සිටින නැන්දාගේ ගෙදරට යෑමට පිටත්ව ඇත. රාත්‍රි 11.30ට පමණ කෑගල්ල නගරයට පැමිණ ඇති මෙම දැරිය අටාල බලා යෑමට බස් රථයක් නොමැති වීමෙන් නගර මධ්‍යයේ සිටි කෑගල්ල පොලිසියේ රථවාහන අංශයේ පොලිස් නිලධාරීන් දෙදෙනකු දැක ඔවුන් වෙත දිව ගොස් සිද්ධිය ප්‍රකාශ කර ඇත. පසුව දැරිය කෑගල්ල මූලස්ථාන පොලිසියට රැගෙන ගොස් භාරකරුවකු පැමිණෙන තුරු රඳවාගෙන සිටියදී 24 වැනිදා පෙරවරුවේ ඇති වූ හිසේ වේදනාවක් නිසා දැරිය කෑගල්ල මහ රෝහල වෙත ඇතුළත් කර ඇත.




අපගේ නවතම පුවත් බලන්න..

© 2011-2016 Gossip9Lanka.co.uk

Join with Us

Latest Gallery

Video Gallery

A R C H I V E

Political News

Around the World

L A T E S T C O M M E N T S

S T A T S