Facebook Official Fanpage Official Twitter Account Google+ Official Page Rss Feed

Sinhala News

Entertainment

Sports News

Miscellaneous

TRENDING

හම්බන්තොට බඳගිරිය යහන්ගල ප්‍රදේශයේ වී මලු සොරකම් කිරීමේ සිද්ධියකට අත්අඩංගුවට ගත්තු තරුණයෙක් පොලිස් සිරමැදිරියේන් අතුරුදහන් වීමේ පුවතක් වාර්තා වෙනවා.

සොරකම් කිරීමේ චෝදනාවට තරුණයින් තිදෙනෙක් පොලිස් අත්අඩංගුවට පත්වෙලා තියෙන්නේ පහුගිය සඳුදා. කොහොම වුණත් මේ තරුණයින්ගේ සොහොයුරා කියන්නේ තමන්ගේ සහෝදරයා සුවදුක් බලන්න හම්බන්තොට පොලිසියට ගිය වෙලාවේ එයා පොලිසියේ හිටියේ නැහැ කියලයි. ඒ ගැන ඇහුවම තම සොහොයුරා පොලිසියෙන් පැනලා ගියා කියලයි පොලිසියේ අය කියල තියෙන්නේ.

මේ විදියට අතුරුදහන් වෙලා තියෙන්නේ ජි. ජි ගයාෂාන් නමැති තරුණයා. ඔහුත් එක්ක අත්අඩංගුවට ගත්ත අනෙක් තරුණයන් දෙදෙනාට උසාවියට ඉදිරිපත් කළාට පස්සේ ඇප ලැබිලා. කොහොම වුණත් පොලිසියෙන් කියන්නේ තමන් අත්අඩංගුවට ගත්තේ තරුණයන් දෙන්නෙක් විතරක් කියලයි.

හැබැයි අපට ලැබෙන තොරතුරු අනුව වී මලු සොරකමට තරුණයින් තුන් දෙනෙක්ම පොලිසියට අරගෙන ඇවිත්. හැබැයි ඒ අයගෙන් ප්‍රකාශ ලබා ගනිමින් ඉදිද්දී මේ තරුණයා වැසිකිළියට යනවා කියලා පැනලා ගියා කියලත් කතාවක් තියෙනවා.

ඔහු පැනලා යන ආකාරය දැක්වෙන CCTV දර්ශනත් පොලිසියට හමුවෙලා කියලා ආරංචි වුණා. ඒ කොහොම වුණත් තරුණයාගේ ඥාතින් කියන විදියට ගයාෂාන්ට කරදරයක් වෙලාද ? පොලිසිය කියන විදියට ඔහුව පොලිසියට අරගෙන ඇවිත් නැද්ද ? එහෙම නැත්නම් පොලිසියට අරන් ආවාට පස්සේ එයා පැනලා ගිහින්ද මේ හැමදෙයක් ගැනම ළඟදීම අපි ඔබට කියනවා.

මේ අතරේ අද හම්බන්තොටින් නාදුනන මළ සිරුරක් හමුවුණා. ගයාෂාන්ගේ ඥාතින් එක්ක එතැනට ගිහින් බැලුවත් ඒ මළ සිරුර ඔහුගේ නෙමේ කියල තහවුරු වුණා.

මේ අතුරුදහන් වීමේ සිද්ධිය සම්බන්ධයෙන් අද දවල් හම්බන්තොට සහකාර පොලිස් අධිකාරී කාර්යාලයෙන් පරීක්ෂණයක් පැවැත්වෙනවා.




අපගේ නවතම පුවත් බලන්න..

© 2011-2016 Gossip9Lanka.co.uk

Join with Us

Latest Gallery

Video Gallery

A R C H I V E

Political News

Around the World

L A T E S T C O M M E N T S

S T A T S