Facebook Official Fanpage Official Twitter Account Google+ Official Page Rss Feed

Sinhala News

Entertainment

Sports News

Miscellaneous

TRENDING

කැලේ ගිනි ගද්දි දුම නිසා පාර අපැහැදිලි වෙලා..

කපුගොල්ලෑව- හොරොව්පොතන ප්‍රධාන මාර්ගයේ ඉපිල්කැලේ ප්‍රදේශයේ පසුගියදා සිදුවූ රිය අනතුරකින් තුවාල ලැබූ අවුරුද්දක පුංචි පුතෙකු ප්‍රතිකාර ලබමින් සිටින අතරතුර මියගොස් තිබෙනවා.

කපුගොල්ලෑව- හොරොව්පතාන ප්‍රධාන මාර්ගයේ ඉපිල්කැලේ ප්‍රදේශයේදී ත්‍රිරෝද රථයක් හා යතුරුපැදියක් එකිනෙක ගැටීමෙන් සිදු වූ අනතුරකින් තුවාල ලැබූ අවුරුද්දක් පමණ වයසැති සිගිති පුතු මෙලෙස ජීවිතක්ෂයට පත් වූ බව හොරොව්පතාන පොලීසිය පවසයි.
වාහල්කඩ ඩී1 ප්‍රදේශයේ පදිංචි යුදහමුදා සෙබලකු වන තුසිත නුවන් කරැණාරත්න සිය බිරිද හා වයස අවුරුද්දක් වන පුතු සමගින් ත්‍රි රෝද රථයෙන් හොරොව්පතාන දෙස සිට කපුගොල්ලෑව දෙසට ගමන් කරමින් සිට තිබෙනවා.

ඉපිල්කැලය ප්‍රදේශයේදී ප්‍රධාන මාර්ගය දෙපස ඉපිකැලය රක්ෂිතයට යමෙක් හෝ යම් පිරිසක් ගිණි තබා තිබිම නිසා දුමාරයෙන් මාර්ගය අපහැදිලි වී ඉදිරියෙන් පැමිණි යතුරු පැදියක මුහුණට මුහුණ ගැටී මේ අවාසනාවන්ත අනතුර සිදුව තිබුණා.

අනතුරින් යතුරු පැදිකරු වන ඉ.එම්.මංජුල හා ත්‍රි රෝද රථයේ ගමන් කළ වයස අවුරුදු 1 ක පුතු හා ඔහුගේ මව වන සුරේකා රාජපක්ෂ තුවාල ලබා හොරොව්පතාන රෝහලට ඇතුළත් කෙරුණා.

අනතුරුව වැඩිදුර ප්‍රථිකාර සදහා තුවාලකරුවන් තිදෙනා අනුරාධපුර ශීක්ෂණ රෝහලට ඇතුළත් කෙරුණු අතර, අනුරාධපුර ශීක්ෂණ රෝහලේ ප්‍රථිකාර ලබමින් සිටියදී පුංචි පුතු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.





අපගේ නවතම පුවත් බලන්න..

© 2011-2016 Gossip9Lanka.co.uk

Join with Us

Latest Gallery

Video Gallery

A R C H I V E

Political News

Around the World

L A T E S T C O M M E N T S

S T A T S