Facebook Official Fanpage Official Twitter Account Google+ Official Page Rss Feed

Sinhala News

Entertainment

Sports News

Miscellaneous

TRENDING

මේ දිනවල පොලිසියේ නිලධාරීන්ට රිය අනතුරු නිසා ගොඩක් කරදර සිද්ධ වුණා.

අද පෙරවරුවේ දඹුල්ල - ගලේවෙල - තොලඹුගොල්ල මහා විද්‍යාලය අසලදී සිදු වූ රිය අනතුරකින් පොලිස් කාන්තාවන් දෙදෙනෙක් සහ පොලිස් නිලධාරියෙකු තුවාල ලැබුවා.

එම අනතුරින් තුවාල ලබා ඇත්තේ මාර්ගයේ මුර සංචාරයේ නිරතව සිටි ගලේවෙල පොලීසියට අනුයුක්තව සේවය කරන තිදෙනෙක්.

අධික වේගයෙන් ධාවනය වූ ලොරියකට වේගය පාලනය කරගැනීමට නොහැකි වීමෙන් මෙම අනතුර සිදුව ඇත. පසුව තුවාල ලැබූ ඔවුන් ගලේවෙල රෝහලට ඇතුළත් කර තිබෙනවා.

අනතුරින් මාර්ගයේ නවතා තිබු යතුරු පැදියකටද හානි සිදු වී තිබෙනවා.

මිට අමතරව ඊයේ දිනයේ කටාන පොලිස් අභ්‍යාස විද්‍යාලය අසල දී සිදු වූ අනතුරකින් පොලිස් නිලධාරීන් දෙදෙනෙකු මියගියා.

ඒ යතුරු පැදියකින් ගමන් කරමින් සිටි පොලිස් නිලධාරීන් දෙදෙනා මාර්ගයේ ආසන්නයේ නවතා තිබූ ටිපර් රථයේ ගැටීමෙන්.

තොලඹුගොල්ල මහා විද්‍යාලය අසලදී සිදු වූ රිය අනතුරේ ඡායාරූප පහතින්.





අපගේ නවතම පුවත් බලන්න..

© 2011-2016 Gossip9Lanka.co.uk

Join with Us

Latest Gallery

Video Gallery

A R C H I V E

Political News

Around the World

L A T E S T C O M M E N T S

S T A T S