Facebook Official Fanpage Official Twitter Account Google+ Official Page Rss Feed

Sinhala News

Entertainment

Sports News

Miscellaneous

TRENDING

ගෑණු කෙනෙක්ගේ ෆොටෝ එකක් මට පෙන්නුවා..
මේවා කාටවත් කියන්න එපා කියලා සර් මට කිව්වා..


දෙමව්පියන්ට හැරුණුකොට ජීවිතයේ දෙවැනිය මව්පියන් ලෙස හදුන්වන්නේ ගුරුවරයාය.

මිහිපිට දෙවියන් ලෙසද ඔවුන් හදුන්වන්නේ ඒ නිසාමය. නමුත් අපි ඔබට මේ කියන්න යන්නේ එලෙස නම් කරන්නට බැරි පාපතර ගුරුවරයෙකු ගැන කියවෙන කතාවක් ගැනය.

අවුරුදු 65 ක් වුණු මෙම ගුරුවරයා සමාජයේ නමක් දිනා සිටින ගුරුවරයෙකි.

රද්දොළුගම හා ඒ අවට දරුවන් හා මව්පියන් අතර ප්‍රසිද්ධ චිත්‍ර ගුරුවරයෙකු ලෙස මොහු හැදින්විය හැකිය.

පසුගිය දිනක රද්දොළුගම පොලිසියට 11 හැවිරිදි සිය දියණිය සමග මව්පියන් දෙපලක් පැමිණියේය.

ඔවුන් පොලිසියට පැමිණ කියා සිටියේ හදවත කම්පා කරන සිදුවීමකි.

" සර්.. අර චිත්‍ර සර් මගේ කෙල්ලට.. දැරියගේ පියාට කතාකර ගැනීමට නොහැකිවී තිබිණි.

පසුව දැරිය ඇයට සිදුවූ සියල්ල නීතියේ පිළිසරණ ඉදිරියේ හැඩූ කඳුලින් කියා සිටියේය.

මම චිත්‍ර අදින්න හරිම ආසයි. ඒ නිසා ජනවාරි මාසේ ඉඳලා මැඩම්ගේ පංතියට මම ඉගෙන ගන්න ගියා. අපේ පිංතියේ ළමයි 12 විතර ඉන්නවා.

ඉරිදට 4 ත් ත් 5 ත් අතර තමයි පංතිය තියෙන්නේ. දැන් මාසෙක ඉඳලා සෙනසුරාදා ක්ලාස් තිබ්බා.

තාත්තා එක්ක මම පංතියට ගියා. දවසක් ටීචර් ගෙදර හිටියේ නෑ. සර් විතරයි හිටියේ.

එදා හවස ක්ලාස් ඉවර වෙලා ළමයි සේරම ගියා. මට තාත්තා එනකම් ඉන්න වුණා. ඉන් පස්සේ සර් මාව සාලයට එක්කගෙන ගිහින් කාමරයට ගිහිල්ලා ගෑණුකෙනෙක් ඉන්න පිංතූරයක් පෙන්නුවා.

ඒක ඇඳපු චිත්‍රයක් නෙවෙයි. මේවා තමයි රාජ්‍ය චිත්‍ර උත්සවවලට තියන්නේ.. මම ඔයාට මේවා අඳින හැටි හරියට උගන්වන්නම්. කිව්වා.

ඊට පස්සේ මාව පොරොන්දු කරවගත්තා මේක කාටවත් කියන්න එපා කියලා.

එදින මෙම ගුරුවරයා තමන්ට කළ කිසිත් දෙමව්පියන් ඉදිරියේ දරිය පවසා තිබුණේ නැත.

මෙලෙසම මෙම ගුරුවරයා විසින් තවත් වරක් දැරියට අතවර කර තිබිණි.

සර් මේ සියල්ල කියන්නට එපා කීවත් දියණියට මේ සියල්ල හිතේ හිරකරගෙන සිටීමට නොහැකිව අම්මා ඉදිරියේ දැරිය මේ සියල්ල පාපොච්චාරණය කර තිබිණි.

පසුව පොලිසිය වහා විමර්ශන ආරම්භ කර අදාල ගුරුවරයා පොලිස් අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට කටයුතු කර තිබුණි.

මෙවැනි සිදුවීම් අද සමාජයේ කොතෙක්නම් අසන්නට දකින්නට ලැබෙන්නේද යන්න ඔබ දන්නා කරුණකි.

තම දරුවන් වෙනුවෙන් මීට වඩා විමසිලිමත්ව සිටින්නේනම් සමාජයේ ගොදුරු බවට පත් නොවී තම දරුවා ආරක්ෂාකාරීව බලාගැනීමට හැකියාව ලැබෙනු ඇති බව මෙවැනි සිදුවීම් හරහා පාඩමක් උගන්වනු ඇති.




අපගේ නවතම පුවත් බලන්න..

© 2011-2016 Gossip9Lanka.co.uk

Join with Us

Latest Gallery

Video Gallery

A R C H I V E

Political News

Around the World

L A T E S T C O M M E N T S

S T A T S