Facebook Official Fanpage Official Twitter Account Google+ Official Page Rss Feed

Sinhala News

Entertainment

Sports News

Miscellaneous

TRENDING

හම්බන්තොට පොලිස්‌ අත්අඩංගුවෙන් අතුරුදන්ව පසුව හිමිනමක මාර්ගයෙන් පොලිසියට භාර වූ 21 හැවිරිදි ජී. පී. ගයාශාන් තරුණයාට සැඟව සිටීමට ආධාර හා අනුබල දුන් බව කියන ඥතීන්ට එරෙහිව ඉදිරියේදී නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව තංගල්ල කොට්‌ඨාස අපරාධ විමර්ශන අංශය පවසයි.
තමන් පොලිස්‌ සිරමැදිරියේ සිට වැසිකිළියට යන අවස්‌ථාවේ තමා සමඟ පොලිස්‌ නිලධාරියකු පැමිණි බවත්, තමා වැසිකිළියට ගොස්‌ පැමිණීමේදී එම නිලධාරියා නොසිටි නිසා පොලිසියෙන් පිටතට පැමිණි බවත් ඔහු ප්‍රකාශ කර තිබේ.

ඒ අනුව මොහු පළමුව රැඳී සිට ඇත්තේ වීරකැටිය කපුගම්පොත පදිංචි තරුණයාගේ පුංචි අම්මාගේ නිවසේය. දින දෙකක කාලයක්‌ එහි සිට ඇති ගයාශාන් පසුව බෙලිඅත්ත තම්බුස්‌සාවල පදිංචි ඥතියකුගේ නිවසේ සිට ඇත. එහි දින දෙකක්‌ ගතකර ඇති ඔහු පසුව දේද්දුවාවල ඥති නිවසකද ගතකර තිබේ. ඔහු අවසන් වශයෙන් දික්‌වැල්ල විහාරස්‌ථානයකට ගොස්‌ ඇතැයි හෙළි වූ බව ද පොලිසිය පවසයි.

ඒ අනුව පොලිසියෙන් පැනගිය සැකකරුවකුට සැඟවී සිටීමට උපකාර කිරීම, සැඟව සිටීමට අනුබලදීම, සැඟව සිටි ස්‌ථාන හෙළිදරව් නොකිරීම යන චෝදනා යටතේ සැකකාර තරුණයාගේ ඥතීන්ට එරෙහිව ඉදිරියේදී නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට නියමිත බව ද ජ්‍යෙෂ්ඨ පොලිස්‌ නිලධාරියෙක්‌ ‘දිවයින’ට පැවසීය.

හම්බන්තොට බඳගිරිය වී ගබඩාවක ගබඩා කර තිබූ වී සොරකමක්‌ සම්බන්ධයෙන් සැකකාර තරුණයා ඇතුළු තිදෙනකු හම්බන්තොට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණේ පසුගිය 05 වැනිදාය.

සැකකාර තරුණයා මේ වන විට රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටිති.




අපගේ නවතම පුවත් බලන්න..

© 2011-2016 Gossip9Lanka.co.uk

Join with Us

Latest Gallery

Video Gallery

A R C H I V E

Political News

Around the World

L A T E S T C O M M E N T S

S T A T S