Facebook Official Fanpage Official Twitter Account Google+ Official Page Rss Feed

Sinhala News

Entertainment

Sports News

Miscellaneous

TRENDING

රුපියල් කෝටි 2ක කප්පමක් ඉල්ලා බම්බලපිටියේ කෝටිපති ව්‍යාපාරිකයාගේ පැහැරගැනීම සැලසුම් කර ඇත්තේ ඔහුගේ ව්‍යාපාරික ස්ථානයේ මූල්‍ය කටයුතු බාරව සිටි පුද්ගලයා බව අනාවරණය කර ගෙන තිබේ.

ෆාකිර් අස්ලම් මොහොමඩ් නැමැති මෙම පුද්ගලයා වසර 8ක් තිස්සේ අදාළ ව්‍යාපාරිකයා ළඟ සේවය කර ඇති බවත්, ඔහුගේ සුවච කීකරුකම නිසා මෙම ව්‍යාපාරිකයා විසින් එහි මුදල් කටයුතු එම සේවකයාට පවරා ඇති බවත්, මෙම සිද්ධිය ගැන මාධ්‍ය දැනුවත් කිරීමට අද පැවැති මාධ්‍ය හමුවේදී නියෝජ්‍ය පොලිස්පති අජිත් ‍රෝහණ මහතා අදහස් පළ කළේය.

තම ස්වාමියාගේ ව්‍යාපාරය සතුව විශාල මුදලක් ගැවසෙන බව හොඳින්ම හඳුනා ගැනීමෙන් පසු ඔහු මෙම සැලසුම සකස් කර ඇති බවත්, ඒ අනූව කප්පම ගැනීම ඔහු විසින් සැලසුම් කර ඇති බවත්, ඊට සම්බන්ධ සැකකරුවන් 8 දෙනෙකු මේවන විට අත්අඩංගුවට ගෙන ඇති බවත්, ඔහු එහිදී කියා සිටියේය.

පසුගියදා ඇතිවූ ගංවතුර අවස්ථාවේදී මෙම සැකකරුගේ නිවස හානි වී ඇති බවත්, එම අවස්ථාවේදී එය යළි සාදා ගැනීමට ව්‍යාපාරිකයා විසින් රුපියල් ලක්ෂ 5ක්ද ව්‍යාපාරිකයාගේ බිරිඳ විසින් තවත් රුපියල් 50,000ක්ද මෙම සේවකයා වෙත ලබාදී ඇති බවත්, ඒ මහතා පැවසීය.

ව්‍යාපාරිකයා පැහැරගැනීමේ සැලසුම මාස එකහමාරක සිට සැලසුම් කර ඇති අතර පැහැර‍ගැනීමට යොදාගත් වාහනය ද ඊට දින දෙකකට පෙර රුපියල් 43,000ක් ගෙවා කුලියට ලබාගත් එකක් බවත්, අනාවරණය වී ඇත.

එම මුදල ගෙවා ඇත්තේ පැහැර ගැනීමට සම්බන්ධ වූ පුද්ගලයෙකුගේ බිරිඳකගේ රන් ආභරණ උකස් තැබීමෙන් බවත්, වාහනය තුළදී ව්‍යාපාරිකයාගේ හිසට මොට ආයුධයකින් සිදුකළ පහරදීමක් නිසා එම අවස්ථාවේදීම මියගොස් ඇති බවත්, පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.

පැහැරගත් පුද්ගලයින්ගේ අරමුණ රුපියල් කෝටි දෙකේ කප්පම ගැනීම වුවත් හිසට එල්ල කළ පහරින් ව්‍යාපාරිකයා මියැදෙයි ඔවුන් කිසිසේත් නොසිතා ඇතැයි සඳහන්ය.

ව්‍යාපාරිකයා පැහැරගත් දිනට පසුදින මෙම සේවකයා ව්‍යාපාරික ස්ථානයට පැමිණ ඇති බවත්, එසේ පැමිණ ඇත්තේ විදේශගතව සිටි එම ව්‍යාපාරිකයාගේ පියා දිවයිනට පැමිණි පසුදාම සිය පුතා නිදහස් කර ගැනීමට අදාළ මුදල ලබාදෙනු ඇතැයි විශ්වාසයෙන් බවද පොලීසිය අනාවරණය කරගෙන ඇත.

මෙසේ අත්අඩංගුවට ගත් 8 දෙනාගෙන් 6 දෙනෙකුම මුස්ලිම් ජාතිකයින් බවද මෙම සිද්ධිය පිටුපස ජාතිවාදී ගැටළුවක් නැති බවද එම මාධ්‍ය හමුවේදී අජිත් රෝහණ මහතා කියා සිටියේය.

පොලිසියට විවිධ චෝදනා එල්ල වෙද්දී මෙම ඝාතනයට සම්බන්ධ සැකකරුවන් ඉතා කෙටි කලක් තුළ අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත් වූ බවද ඒ මහතා පෙන්වාදුන්නේය.

මේ අතර මෙම ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් 8 දෙනා පැය 48ක කාලයක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණය අවසර දී තිබේ.






අපගේ නවතම පුවත් බලන්න..

© 2011-2016 Gossip9Lanka.co.uk

Join with Us

Latest Gallery

Video Gallery

A R C H I V E

Political News

Around the World

L A T E S T C O M M E N T S

S T A T S