Facebook Official Fanpage Official Twitter Account Google+ Official Page Rss Feed

Sinhala News

Entertainment

Sports News

Miscellaneous

TRENDING

අලුතින් උපන් පිරිමි දරුවකු රුපියල් ලක්‌ෂයකට විකුණා ඇති බවට කියන මවක්‌ සහ එම දරුවා මිලට ගත් බවට කියන තවත් කාන්තාවක්‌ද 08 දින කනංක පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මෙම දරුවා මිලට ගැනීමට ආධාර කළ බව කියන තවත් සැකකරුවෙක්‌ ඌරුබොක්‌ක පොලිසිය විසින් වෙනත් වරදකට අත්අඩංගුවට ගෙන රක්‌ෂිත බන්ධනාගාර ගත කර ඇති බවට ද වාර්තා වෙයි.

මෙම පිරිමි දරුවා බිහි කරන ලද කාන්තාව සහ දරුවා මිලට ගත් බව කියන කාන්තාව දරු ප්‍රසුතින් සඳහා ගාල්ල මහ මෝදර රෝහලේ සිට ඇති අතර දරුවා මිලට ගත් කාන්තාවද දරු ප්‍රසූතියක්‌ සිදුකර ඇති අතර එම දරුවා මියගොස්‌ තිබේ. දරුවා විකුණු බවට කියන කාන්තාවද දරු ප්‍රසුතියක්‌ සිදුකර ඇත.

පසුව නිමලව ප්‍රදේශයේ නිවසකදී පිරිමි දරුවා බිහි කළ කාන්තාව විසින් එම දරුවා ප්‍රසුතියේදී දරුවා මියගිය කාන්තාවට මුදලට විකුණා ඇති බවට ද වාර්තා වෙයි.

රක්‌ෂිත බන්ධනාගාර ගත කර ඇති සැකකරු වැලිගම පදිංචිකරුවෙකි. මුදලට විකුණූ දරුවාද විකිණීමට යොදා ගන්නා ලද මුදල් ද පොලිසිය සොයාගෙන ඇත.

කනංක පොලිසිය වැඩිදුර පරීක්‌ෂණ පවත්වයි.




අපගේ නවතම පුවත් බලන්න..

© 2011-2016 Gossip9Lanka.co.uk

Join with Us

Latest Gallery

Video Gallery

A R C H I V E

Political News

Around the World

L A T E S T C O M M E N T S

S T A T S