Facebook Official Fanpage Official Twitter Account Google+ Official Page Rss Feed

Sinhala News

Entertainment

Sports News

Miscellaneous

TRENDING

රද්‍ෙදාළුගම නිවාස සංකීර්ණයේ නිවෙසක් තුළ පෙරේදා (30දා) පවුලේ දියණියකගේ ප්‍රේම සම්බන්ධතාවක් පිළිබඳ කතා කරමින් මත්පැන් බී පදමට වෙරිවී සිටි මිතුරන් දෙදෙනකු අතර ඇතිවූ බහින්බස් වීමක් දුරදිග ගොස් උරණ වූ අයකු අනෙක් මිතුරාට පුටුවකින් හිසට පහරදීමෙන් බරපතළ තුවාල ලබා මීගමුව රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව කොළඹ මහ රෝහල වෙත වැඩිදුර ප්‍රතිකාර සඳහා මාරුකර යැවීමේදී පහරකෑ පුද්ගලයා මියගොස් ඇති බව රද්‍ෙදාළුගම පොලිසිය පවසයි.
මෙලෙස පහරකෑමට ලක්ව මියගොස් ඇත්තේ අංක 55, ලංකා ලෑන්ඩ්, රද්‍ෙදාළුගම පදිංචිව සිටි මොහොමඩ් සලීමාන් තුවාන් මුසාමීල් (73) නමැති මුස්ලිම් ජාතිකයෙකි. සිද්ධියෙන් එම නිවාස සංකීර්ණයේම පදිංචි කුකුළු මස් වෙළෙඳසලක් පවත්වාගෙන යනු ලබන පුද්ගලයකු (37) සැකපිට පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.

පෙරේදා 30දා සවස 6.30ට පමණ මෙම සිදුවීම වී තිබූ බවත් පොලිසිය එම ස්ථානයට යන විට නිවෙසේ ඉදිරිපස සහ පසුපස ‍ෙදාරවල් සැකකරු විසින් වසා දමා තිබූ බවත් කෑම මේසයට තබා තිබූ පුටුවක් අටකට කැඩී යනතුරු මරණකරුගේ හිසට පහරදී තිබූ බවත් එම නිවෙසේ ඇතුළත සාලයේ බිම සහ බිත්ති පුරා රුධිරය විසිරී ගලා යනතුරු පහරදුන් බව සැකකරුගෙන් කරන ලද ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය කර ගැනීමට හැකිවූ බවත් මීගමුව වැඩබලන සහකාර පොලිස් අධිකාරි ජයන්ත අතුකෝරළ මහතා රද්‍ෙදාළුගම පොලිස් ස්ථානයේදී කීය.

මීගමුව කොට්ඨාසයේ ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරි ප්‍රියලාල් දසනායක මහතාගේ විශේෂ උපදෙස් මත වැඩිදුර පරීක්‍ෂණ සිදු කරයි.




අපගේ නවතම පුවත් බලන්න..

© 2011-2016 Gossip9Lanka.co.uk

Join with Us

Latest Gallery

Video Gallery

A R C H I V E

Political News

Around the World

L A T E S T C O M M E N T S

S T A T S