Facebook Official Fanpage Official Twitter Account Google+ Official Page Rss Feed

Sinhala News

Entertainment

Sports News

Miscellaneous

TRENDING

මාස 09ක් වයසැති බිළිඳියක අලෙවි කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මහනුවර, කටුගස්තොට ප්‍රදේශයේදි කාන්තාවක අත්අඩංගුවට අරගෙන තියෙනවා.

මහනුවර කොට්ඨාශ කාන්තා කාර්යාංශයට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී අදාළ කාන්තාව අත්අඩංගුවට අරගෙන කියලයි වාර්තා වෙන්නේ.

එම කාන්තාව විසින් රුපියල් දෙදහසක මුදලකට තම මාස 09ක් වයසැති බිළිඳි දැරිය පුද්ගලයෙකුට අලෙවි කිරීමට සූදානම් වූ අවස්ථාවේ තමයි මහනුවර කොට්ඨාශ කාන්තා කාර්යංශය විසින් අත්අඩංගුවට අරගෙන තියෙන්නේ.

සැකකාර කාන්තාව විදේශගතව සිට මෙරටට පැමිණ ඇත්තේ මීට දින කිහිපයකට පෙර වන අතර විදේශගතව සිටියදී අදාළ බිළිඳු දැරිය ප්‍රසූත කර ඇති බව පොලීසිය සිදුකළ මූලික විමර්ශන වලදී අනාවරණය වෙලා.

මෙම කාන්තාව ගලහ ප්‍රදේශයේ පදිංචිකාරියක වන අතර සිද්ධිය සම්බන්ධයෙන් මහනුවර කොට්ඨාශ කාන්තා කාර්යංශය මගින් වැඩිදුර විමර්ශන ආරම්භ කරලා තියෙනවා.




අපගේ නවතම පුවත් බලන්න..

© 2011-2016 Gossip9Lanka.co.uk

Join with Us

Latest Gallery

Video Gallery

A R C H I V E

Political News

Around the World

L A T E S T C O M M E N T S

S T A T S