Facebook Official Fanpage Official Twitter Account Google+ Official Page Rss Feed

Sinhala News

Entertainment

Sports News

Miscellaneous

TRENDING

පසුගියදා වෙළඳපලට නිකුත්කළ Samsung සමාගමේ Note 7 දුරකථනයේ ඇති වූ දෝෂයන් පිළිබඳව බොහෝ දෙනෙක් අවධානයෙන් සිටියා. මේ අතර ඊයේ (23) සිංගප්පූරුවේ සිට චෙන්නායි බලා ගමන්ගත් ගුවන්යානයකදී Samsung Note 2 වර්ගයේ දුරකථනයක් හදිසියේ ගිනිගැනීමට ලක්ව තිබෙනවා.

මේ නිසාවෙන් ගුවන් යානයේ ගමන්ගත් මඟින් 162කගේ ජීවිතේ අනතුරේ වැටෙන්නට ඔන්න මෙන්න තිබියදී හදිසි ගින්න නිවාදැවීමට යානයේ කාර්යමණ්ඩලය කටයුතු කර තිබෙනවා.

මෙම දුරකථනය ගමන් බෑගයක තිබී ඇති අතර ගුවනේ තිබූ යානයෙන් එකවරම ගඳක් පැමිණීම නිසා ඒ පිළිබඳව බොහෝ පිරිසක් කාර්ය මණ්ඩලයට පැමිණිලි කර එය කුමක්ද යන වග සොයන්නැයි පවසා තිබෙනවා.

පසුව විපරම් කර බැලීමේදී මෙම ගිනිගන්නා දුරකථනය ඔවුන් දැක ඇති අතර වහාම ගිනි නිවන උපකරණය ගෙන එම ගැනීම මැඩපවත්වා තිබෙනවා.

පසුව යානයේ නියමුවා විසින් මේ පිළිබඳව චෙන්නායි ගුවන්තොටුපලට දැන්වීමට කටයුතු කර තිබෙනවා. ඒ අනුව නියමිත වෙලාවට විනාඩි 20කට පෙර යානය ගොඩබස්වන්නට ඔවුන්ට අවස්ථාව දී තිබෙනවා.







අපගේ නවතම පුවත් බලන්න..

© 2011-2016 Gossip9Lanka.co.uk

Join with Us

Latest Gallery

Video Gallery

A R C H I V E

Political News

Around the World

L A T E S T C O M M E N T S

S T A T S