Facebook Official Fanpage Official Twitter Account Google+ Official Page Rss Feed

Sinhala News

Entertainment

Sports News

Miscellaneous

TRENDING

මම ජීවිතය ගැන කලකිරිලා ඉන්නේ.. 
මගේ මිනිය අම්මටයි තාත්තටයි විතරක් පෙන්වන්න..

කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ නේවාසිකාගාරයක තිබිලා ජීවිතේ නැතිකරගත් බවට සැක කළ සිසුවෙකුගේ සිරුරක් ඊයේ සොයාගත්තා.

ඒ විදිහට ජීවිතේ දාලා ගිහින් තිබුණේ බිබිල පැත්තේ පදිංචි හරින්ද සෙනෙවිරත්න නමැති 27 හැවිරිදි වියේ පසුවූ සිසුවෙක්.

හරින්ද එක්ක එකට විශ්ව විද්‍යාලෙට ආව හැමෝම උපාධිය ලබාගනිද්දි අවසන් විභාගය දෙවරක් අසමත්වීම නිසා ඔහුට උපාධිය ගන්න නොහැකිවූ බවත් ඒ නිසා ලොකු කම්පනයකින් සිටි බවත් වාර්තා වනවා.

කොහොම වුණත් මියයන්න කළින් හරින්ද ඉංග්‍රීසියෙන් ලියපු පිටු 6 ක ලියුමක් හම්බවෙලා.

ඒකේ කියලා තියෙන්නේ මම ජීවිතේ ගැන කලකිරිලා ඉන්නේ. සිරුර ආදාහනය කරලා ඉවර වුණාට පස්සේ අළු ටික මුහුදට ගිහින් දාන්න.

මගේ මව්පියන්ට මගේ මිනිය භාරදෙන්න. ඒ සිරුර වෙන කාටවත්ම පෙන්වන්න එපා.

ඒ වගේම ඔහුගේ වෛද්‍ය නළාව හා කෝට් එක යහළුවෝ තුන්දෙනෙක්ට දෙන්න කියලත් ඉල්ලලා තියෙනවා.

ජීවිතය නැතිකරගෙන තිබුණු නේවාසිකාගාරයේ කාමරේ ඇතුලේ තිබිලා සේලයින් බෝතල් 10 ක් වගේම කුඩා කුප්පියකුත් පොලිසිය හොයාගෙන.

විෂ ශරීර ගතකරගෙන හරින්ද ජීවිතේ නැතිකරගත්තා කියලා සැකකළත් කාමරේ ඇතුලේ තිබිලා සිලින්ජරයක් හමුනොවූ බවත් වාර්තා වනවා.

හරින්ද ජ්‍යෙෂ්ඨ සිසුවෙක් නිසා කාමරයේ ඔහු තනිව ජීවත්ව තිබෙනවා.

ඔහු සිටි කාමරය දෙසින් අධික දුර්ගන්ධයක්‌ හමන බවට නේවාසිකාගාරයේ අනෙකුත් සිසුන්ට දැනීම නිසා දොර කඩා බැලීමේදී එම සිසුවා මියගොස්‌ සිරුර ඉදිමී තිබෙනු අනෙක් සිසුන් දැක තිබෙනවා.







අපගේ නවතම පුවත් බලන්න..

© 2011-2016 Gossip9Lanka.co.uk

Join with Us

Latest Gallery

Video Gallery

A R C H I V E

Political News

Around the World

L A T E S T C O M M E N T S

S T A T S