Facebook Official Fanpage Official Twitter Account Google+ Official Page Rss Feed

Sinhala News

Entertainment

Sports News

Miscellaneous

TRENDING

ඉතා ඉක්මනින් තිර නාටකය ලියමින් රූ ගැන්වා තිරගත කළ වෘතාන්ත චිත්‍රපටය නිපදවීමේ ගිනස් වාර්තාව පසුගියදා නන්දන හේවාපන්න අධ්‍යක්ෂණය කළ මංගල ගමන නම් වූ චිත්‍රපටය දිනා ගත්තා. එය තිර රචනයේ සිට තිරගත කිරීම දක්වා ගත වූ කාලය පැය 72 මිනිත්තු 19 සහ තත්පර 21 කි. ඒ අනුව ලොව අඩුම වේගයෙන් තැනූ චිත්‍රපටය වශයෙන් ගිනස් වාර්තාවට හිමිකම් කියනුයේ “මංගල ගමන“යි.
මංගල ගමන තිර රචනයට ගත වී ඇති කාලය පැය 1 විනාඩි 35 කි. කොළඹ, වත්තල ඇතුළු දර්ශන තල අටක රූ ගැන්වුණ මංගල ගමන හි කැමරවට නඟාගත් දර්ශන එම මොහොතෙන්ම සංස්කරණය කොට තිබෙනවා. චාමි සේනානායක, ශෙනාලි පෙරේරා, රෝහිත සමරවීර, ගාමිණී කොස්තා, නිශ්ශංක උදය කුමාර්, ගයාන් මාපලගම, ආශ්චර්යා සමරවීර, තුෂාරි වරාවැව, ශාන්ති පෙරේරා, ජේ. ඒ. අයි. එච්. පෙරේරා, ඇතුළු පිරිසක් මෙහි චරිත නිරූපණය කරයි. එස්. උදයසූරියන්ගේ සංස්කරණයකි.

නන්දන කලාවට පිවිසෙන්නේ වේදිකා නාට්‍යවලින්. අවසාන නොවේ, 71 කැරැල්ල, මතුගම සමන් කුමාර ඔහුගේ වේදිකා නිර්මාණ අතර වේ. මංගල ගමන නන්දනගේ මංගල චිත්‍රපටයයි.





අපගේ නවතම පුවත් බලන්න..

© 2011-2016 Gossip9Lanka.co.uk

Join with Us

Latest Gallery

Video Gallery

A R C H I V E

Political News

Around the World

L A T E S T C O M M E N T S

S T A T S