Facebook Official Fanpage Official Twitter Account Google+ Official Page Rss Feed

Sinhala News

Entertainment

Sports News

Miscellaneous

TRENDING

''මම ෆීල්ඩ් එකට ආවේ රුවන්ට කලින්.."

ෂෙරිල් ඩෙකර් ගොඩ දෙනෙකුගේ ආදරය දිනා ගත්ත තාරකාවක්. ඒ වගේම ගොඩ දෙනෙකුගේ ආදරය දිනාගත්ත රුවන් හෙට්ටිආරච්චිගේ ආදරණීය බිරිඳ. රුවන්ගේ අලුත් ගීත නිතර ඇසුණත් ෂෙරිල් මේ දවස්වල ටිකක් නිහඬවෙලා තමයි හිටියෙ. මේ ෂෙරිල් සති අන්තපුවත්පතකට පළ කළ අදහස්.

මොකද වැඩිය පේන්න නැත්තෙ..?

මම කොහොමත් එහෙමනේ. කවදත් පේන්න හිටියෙ අඩුවෙන්. ඉස්සරහටත් ඒ විදිහටම තමයි ඉන්නෙ.

ඔහොම ඉන්නකොට කට්ටිය හිතයිනෙ ෂෙරිල් රඟපෑමෙන් අයින් වෙලා කියලා.?


කලාවෙන් අයින් වෙලා නෑ. එහෙම අයින් වෙන්න හිතලත් නැහැනේ. කොහොමටත් දැන් මම කැමතියි ටෙලි නාට්‍යවලට වඩා චිත්‍රපට හම්බවෙනවා නම්. ටෙලිනාට්‍ය වුණත් කොටස් 100 ක විතර නාට්‍ය්‍යක් නම් තමයි.

මොකක්ද ඉස්සරට වඩා දැන් තියෙන වෙනස..?


දැන් මම බැඳලනෙ. බැන්දට පස්සෙ මම මගේ ජීවිතේ මුල්ම තැන දෙන්නෙ මගේ පවුල් ජීවිතයට. තනියෙන් හිටපු කාලෙවත් නිතරම වැඩවලට ගියපු නැති, අවුරුද්දකට එක නිර්මාණයක් විතරක් කරපු මම දැන් වැඩ කරන්න ඕනේ ඊටත් වඩා අඩුවෙන් කියලයි මම හිතන්නෙ.

ඕකට කියන්නෙ කම්මැලිකම කියලා නෙමෙයිද..?


අයියෝ මම කම්මැලි වෙලා නැහැ. මම දැන් බැඳලා අවුරුදු 3 ක්. ඒ අවුරුදු තුනේදි මගේ ජීවිතේට දැනුණු වගකීම් තමයි මාව වැඩවලින් ටික ටික ඈත් කළේ. රුවන් ගොඩක් වැඩ වැඩි කෙනෙක් කියලා හැමෝම දන්නවා. ඒ අතරේ මාත් වැඩ වැඩි කරගත්තොත් අපේ ජීවිත අවුල් වෙනවනේ.

ෂෙරිල්ට ආදරේ කරන අයට ෂෙරිල්ව අමතක වෙලා ගියොත්..?


ජනප්‍රියකම මගේ ළඟ තවම තියෙනවානේ. මට ඒක තේරෙනවා. මට නම් හිතෙන විදිහට නිතරම පෙන්න හිටියා කියලා ජනප්‍රියකම වැඩි වෙන්නෙ නැහැ. මතක හිටින, ලස්සන හොඳ දෙයක් කළොත් විතරයි මිනිස්සුන්ගේ ආදරය හම්බවෙන්නෙ. නිතරම පේන්න හිටියාමත් එපා වෙනවා ඇතිනේ.

විවාහයෙන් පස්සෙ රුවන්ගේ ආදරේ වැඩිවෙලාද අඩුවෙලාද..?


වැඩිවෙලා. ඒ ගැන දෙපාරක් හිතන්න දෙයක් නැහැ. කවුරු හරි කියනවා නම් බැන්දම දෙන්නෙකුගේ ආදරේ අඩු වෙනවා කියලා ඒක බොරුවක්. ආදරේ අඩු වුණොත් අඩුවෙන්නෙ තමන්ගේම වැරැද්දක් නිසා. මම නම් කියන්නෙ ඉවසන්න ඕන. ඒත තමයි ආදරේ වෙනස් නොවීමේ රහස. මම ටිකක් වැඩිපුර තරහා ගන්න කෙනෙක්. දැන් නම් මම ගොඩක් ඉවසීමෙන් මගේ ආදරේ රැකගෙන ඉන්නවා. හැම පවුලෙම පුංචි පුංචි රණ්ඩු ඇතිවෙනවානේ. රණ්ඩුත් ආදරේට හරවා ගන්න අපි දැනගන්න ඕන.

කොහේ හරි ගියාම ගෑණු ළමයි ඇවිත් රුවන්ව වටකර ගත්තොත් ෂෙරිල්ට දුක හිතෙන්නෙ නැද්ද..?

කවදාවත් එහෙම දුක හිතෙන්නෙ නැහැ. මම ෆීල්ඩ් එකට ආවේ රුවන්ට කලින්. මම මේ ෆීල්ඩ් එක ගැන හොඳට දන්නවා. ඒ නිසා ගෑණු ළමයි රුවන්ව වට කර ගත්තත් පිරිමි ළමයි මාව වට කර ගත්තත් අපිට ප්‍රශ්නයක් නැහැ. ඒ අයට අපි වැරදි ප්‍රතිචාර දක්වන්න ගියොත්නෙ ප්‍රශ්න ඇතිවෙන්නෙ.

රුවන්ගෙයි ෂෙරිල්ගෙයි ආදරේට ආදරේ කරන අයත් ඉන්නවා නේද..?


ඇත්තටම සමහර අය හම්බවුණාම අපිත් එක්ක කතා කරන්නෙ රුවන්ගෙ සිංදු ගැනවත් මගේ රඟපෑම් ගැනවත් නෙමෙයි. අපි ගැන. අපි ආදරෙන් ගත කරන ජීවිතේ අගය කරන එක අපිට ලොකු සතුටක්.

රුවන්ගේ ගීත රූප රචනාවලට විතරද ෂෙරිල්ට අවසර තියෙන්නෙ..?


ඕනම කෙනෙකුගේ වීඩියෝවලට යන්න මට රුවන් එපා කියලා නැහැ. ගොඩක් ඉල්ලීම් එනවා. හැබැයි මම වීඩියෝ එකකට යන්නෙ සිංදුවට ආසා හිතුණොත් විතරයි. ආස නැත්නම් මම කෙලින්ම බැහැ කියනවා. ඒ මගේ හැටි. ඇත්ත කියන එක හොඳයිනේ.

මේ දවස්වල රුවන්ගෙ සිංදුවකට නොමිලේ ප්‍රචාරයක් ලැබෙනවා නේද..?


ඒක අපි හිතපුවත් නැති දෙයක්. දැන් දේශපාලනයේ ජනප්‍රිය වචන ටික. ''ඔබට සතුටුයිද දැන්" ඒකත් ඉතිං අපිට හොඳයිනෙ. රුවන්ගෙ සිංදු තවත් ජනප්‍රිය වෙනවානේ.

දැන් කාලේ ගොඩක් ජනප්‍රිය අය කරනවා වගේ ගොඩක් වියදම් කරලා ලොකු වෙඩින් එකක් නොගත්ත් එක ගැන ෂෙරිල්ට දුක නැද්ද..?

මමයි රුවනුයි දෙන්නම කැමති සරල විදිහට ඉන්න. ලොකු වෙඩින් එකක් නොගත්තෙ අපි දෙන්නගෙම කැමැත්තට. අනිත් අය කරන නිසා අපි ඒ දේවල් කරන්න ඕන නැහැනේ. අනික එහෙම නොකළට වටිනාම දේ අපේ ආදරේ අඩුවක් තියෙනවානේ.

පවුලේ වගකීම් ඉස්සරහට තව වැඩිවෙයිද..?


බලමු හැමදේම හරිම කාලෙට වෙයි කියලා බලාපොරොත්තු තියාගෙන ඉන්නවා.

ඇත්තටම ෂෙරිල්ට සතුටුයිද දැන්..?


ඇත්තටම ගොඩක් සතුටුයි. මට ගොඩක් ආදරේ කරන කෙනෙක් එක්ක මම ලස්සන ජීවිතයක් ගෙවනවානේ.




අපගේ නවතම පුවත් බලන්න..

© 2011-2016 Gossip9Lanka.co.uk

Join with Us

Latest Gallery

Video Gallery

A R C H I V E

Political News

Around the World

L A T E S T C O M M E N T S

S T A T S