Facebook Official Fanpage Official Twitter Account Google+ Official Page Rss Feed

Sinhala News

Entertainment

Sports News

Miscellaneous

TRENDING

මහජන සාමය සහ නීතිය රකින්න සෘජුවම ඉන්න අංශයක් තමයි පොලිස් දෙපාර්තමේන්තුව.

ඒත් සමහරක් පොලිස් නිලධාරීන්ගේ විවිධ ක්‍රියාකළාපයන් නිසා සමස්ත පොලිස් දෙපාර්තමේන්තුවටම කළු පැල්ලමක් එල්ල වෙනවා.

එවැනි සිදුවීම් පහුගිය කාලසීමාවේදි සිදුවෙලා තියෙනවා කියලා ඔයාලා කවුරුත් දැනටමත් දන්නවා ඇති.

මේ එවැනි සිදුවීම් වලට එකතුවෙන තවත් සිද්ධියක් ද ?

කොළඹ ඩුප්ලිකේෂන් මාර්ගයේ ශාන්ත පීටර්ස් විද්‍යාලය ඉදිරිපිට තමයි මේ සිද්ධිය වෙලා තියෙන්නේ.

එම විද්‍යාලය අසළ තියෙන පොලිස් මාර්ග බාධකයකදී පොලිස් නිලධාරීන් විසින් හොන්ඩා සිවික් වර්ගයේ මෝටර් රථයක් පහුගිය සෙනසුරාදා රාත්‍රියේ නතර කරලා.

එ් මෝටර් රථයේ හිටපු පුද්ගලයා සමග කිසියම් බහින්බස්වීමක් සිදුවෙලා තියෙනවා.

ඒ අවස්ථාවේදි එම ස්ථානයට පොලිස් නිලධාරීන් 12දෙනෙකු විතර ඇවිල්ලා.

කොහොමහරි මේ මෝටර් රථයේ රියදුරා මත්පැන් පානය කරලා ඉදලා කියලයි වාර්තා වෙන්නේ.

ඒ පුද්ගලයාට එක් පොලිස් නිලධාරියෙක් පරුෂ වචනයකින් බැන වැදිලා තියෙනවා.

මේ සියලුදේ එම මෝටර් රථයට පිටුපසින් තිබෙන වාහනයක සිටි පුද්ගලයෙකු විසින් ජංගම දුරකථනයකින් වීඩියෝ ගත කරලා.

කොහොම වුනත් වීඩියෝ කරන කොට එය දුටු පොලිස් නිලධාරීන් සිව්දෙනෙකු ද එම පුද්ගලයාට බැනවැදිලා වීඩියෝව මකාදමන ලෙසට ද නියෝග කරලා කියලයි වාර්තා වන්නේ.






අපගේ නවතම පුවත් බලන්න..

© 2011-2016 Gossip9Lanka.co.uk

Join with Us

Latest Gallery

Video Gallery

A R C H I V E

Political News

Around the World

L A T E S T C O M M E N T S

S T A T S