Facebook Official Fanpage Official Twitter Account Google+ Official Page Rss Feed

Sinhala News

Entertainment

Sports News

Miscellaneous

TRENDING

බිස්නස් ඩීල් එකක් ඝාතනය පිටුපස ඇති බවට සැක,
බම්බලපිටියේ කෝටිපතියාගේ ඝාතනය ගැන සැක තැන් එළියට


කෝටිපති ව්‍යාපාරික මොහොමඩ් ෂාකීබ් සුලෙයිමාන් බම්බලපිටිය - කොතලාවල ඇවනිව්හි පිහිටි සිය නිවස අසලදී පැහැර ගැනීමට ලක්ව ඝාතනය කර තිබියදී සොයාගනු ලැබුවේ මාවනැල්ල ප්‍රදේශයේදීයි.

පැහැරගත් ව්‍යාපාරිකයා බේරා ගැනීමට නම් රුපියල් කෝටි දෙකක කප්පම් මුදලක් ලබාදෙන ලෙස දුරකථන ඇමතුමක් ඔහුගේ ඥාතීන්ට ලබාදී ඇත්තේ කෑගල්ල නගරයේ රෝහල පාරේ පිහිටි දුරකථන සන්නිවේදන මධ්‍යස්ථානයකින් වන අතර, ‍පොලිසිය එම ඇමතුම ලබා දුන්නේ කවුරුන් විසින්ද යන්න පිළිබඳවද පුළුල් පරීක්ෂණයක් අරඹා ඇත. නමුත් එම ස්ථානය ආශ්‍රිතව සී.සී.ටී.වී. කැමරා නොමැති බවටද දැනගන්නට ලැබෙනවා.
පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනතුරුව පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනතුරුව මොහොමඩ් ෂාකීබ් සුලෙයිමාන් මහතාගේ දේහය බම්බලපිටියේ පිහිටි ඔහුගේ නිවසට රැගෙන එනු ලැබූ අතර ඔහුගේ දේහය පිළිබද අවසන් කටයුතු මාලිගාවත්ත මුස්ලිම් දේවස්ථාන පොදු සුසාන භූමියේදී සිදු කෙරුණා.

එමෙන්ම සුලෙයිමාන් ගේ ඝාතනය රුපියල් ලක්ෂ 400කට වැඩි මුදල් ගනුදෙනුවක් මත සිදුවන්නට ඇතැයිද වැල්ලවත්තේ ව්‍යාපාරිකයකුගෙන් මේ ගැන ප්‍රශ්න කර ඇතැයි ද පුවත්පත් වාර්තාවල දැක්වේ.

ඔහුට අමතරව දෙහිවල සහ වැල්ලවත්තේ ව්‍යාපාරිකයන් දෙදෙනකුගෙන් කටඋත්තර ලියාගෙන ඇති අතර කොල්ලුපිටිය සිට වැල්ලවත්ත දක්වා සියලු සීසීටීවී කැමරා පරීක්ෂණයට ලක් කිරීමටත් පොලිසිය සැරසෙන බවට වාර්තා වේ.

මේ අතර බම්බලපිටියේදී පසුගියදා (21) පැහැරගැනීමට ලක් වූ මොහොමඩ් සාකිබ් සුලේමාන් නමැති කෝටිපති ව්‍යාපාරිකයා අමානුෂික ලෙස ඝාතනය කිරීමේ සිද්ධිය පිටුපස ඥාතීන් අතර වූ ආරවුලක් සහිත පළිගැනීමක් ක්‍රියාත්මක වී ඇතැයිද පොලිසිය සැක කරයි.

මේ වන විටත් එම ඝාතනයට සම්බන්ධ යැයි සැකකරන පුද්ගලයන් කවුද යන්න පරීක්ෂණ අංශ මඟින් හඳුනාගෙන ඇති අතර ඉදිරි පැය 24 තුළ ඔවුන් අත්අඩංගුවට ගැනීමට හැකිවෙතැයි විශ්වාස කෙරෙන බව පුවත්පත් වාර්තාවල දැක්වෙනවා.

මෙම පැහැරගැනීම සාහිබ් මහතාගේ නිවසේ සී.සී.ටී.වී. කැමරාවල සටහන් වී නොමැති අතර එසේ වීම ගැන පොලිසිය එම කැමරා පද්ධතිය පරීක්ෂාවට ලක් කර තොරතුරු ලබාගෙන තිබේ.

කෙසේ වෙතත් පොලිසිය මේ වන විට මෙම ඝාතනය, ඒ පිටුපස සිටින පුද්ගලයන් ඇතුළු බො‍හෝ තොරතුරු රැසක් සොයාගෙන ඇත. තවදුරටත් ඒවා තහවුරු කර ගැනීම සිදු කරගෙන යයි. එම කරුණු තහවුරු කර ගැනීමත් සමඟ සැකකරන ඝාතකයන් අත්අඩංගුවට ගැනීම සිදු වෙයි.







අපගේ නවතම පුවත් බලන්න..

© 2011-2016 Gossip9Lanka.co.uk

Join with Us

Latest Gallery

Video Gallery

A R C H I V E

Political News

Around the World

L A T E S T C O M M E N T S

S T A T S