Facebook Official Fanpage Official Twitter Account Google+ Official Page Rss Feed

Sinhala News

Entertainment

Sports News

Miscellaneous

TRENDING

ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු තිලකරත්න ඩිල්ෂාන්ගේ ක්‍රිකට් අනාගතය පිළිබඳ අවසන් තීරණයක් ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව සූදානම් වන බව වාර්තා වනවා.

ඕස්ට්‍රේලියාව හා ඊයේ පැවති තරඟයත් සමග පැවති තරඟ දෙකේදීම ඩිල්ෂාන් පිත්තෙන් දස්කම් දැක්වීමට අපොහොසත් වුණා.

ඩිල්ෂාන් වෙනුවට තරුණ ක්‍රීඩකයෙකු හට අවස්ථාව ලබාදීම තේරීම් කමිටුවේ අරමුණ වී ඇති බවයි ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

තරඟ 5කින් සමන්විත ශ්‍රී ලංකා – ඕස්ට්‍රේලියා එක්දින තරඟාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කොට තිබුණේ පළමු තරඟ දෙක සඳහා පමණයි.

ඒ අනුව ඉදිරි තරඟ 3 සඳහා ඩිල්ෂාන්ට අවස්ථාව ලබා දෙනවා ද නැද්ද යන්න පිලිබඳ අවසන් තීරණයක් ගැනීමට නියමිත බවයි වාර්තාවන්නේ.

කෙසේ වෙතත් තරඟාවලිය ආරම්භ වීමට පෙර ඩිල්ෂාන් පවසා තිබුණේ දැන්ම ක්‍රීඩාවෙන් සමුගැනීමට අදහසක් නොමැති බවකි.




අපගේ නවතම පුවත් බලන්න..

© 2011-2016 Gossip9Lanka.co.uk

Join with Us

Latest Gallery

Video Gallery

A R C H I V E

Political News

Around the World

L A T E S T C O M M E N T S

S T A T S