Facebook Official Fanpage Official Twitter Account Google+ Official Page Rss Feed

Sinhala News

Entertainment

Sports News

Miscellaneous

TRENDING

ටෙලි නාට්‍ය නිළි සුලේඛා ජයවර්ධන ඇදුම් මාරු කරන අවස්ථාවේ ජංගම දුරකථනයකින් ඡායාරූප ලබාගත් බවට ගල්කිස්ස අධිකරණයේ පැවැති නඩු විභාගයකදී වරද පිළිගත් සැකකරුවකුට ගල්කිස්ස අතිරේක මහේස්ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරු ලෝචනී අබේවික්‍රම වීරසිංහ මහත්මිය මාස තුනක සිර දඩුවමක් සහ රුපියල් එක්දහස් පන්සියයක දඩ මුදලක් නියම කළාය. සිර දඩුවම වසර පහකට අත්හිටුවන ලදී.
මොහොමඩ් අශාන් සුවහිර් නමැති සැකකරුවකුට මේ සිර දඩුවම සහ දඩ මුදල නියම විය.

සැකකරු සේවය කරන දෙහිවල හීල් වීථියේ අංක 121 ලෙවල් ෆ්‍රීටර්ස් නමැති නිමි ඇදුම් අලෙවි සලට සුලේඛා ජයවර්ධන ඇදුමක් මිලදී ගැනීමට ගොස් තෝරා ගත් ඇදුම ඇද බැලීම සදහා ඇදුම් මාරුකරන කුටියකට ගොස් ඇත.

ඒ අවස්ථාවේ සැකකරු එම කුටියේ දොරට යටින් ඔහුගේ ජංගම දුරකථනය තබා ඇය ඇදුම් මාරු කරන අයුරු ඡායාරූප ලබාගත් බවට ඇය විසින් දෙහිවල පොලීසියට කරන ලද පැමිණිල්ලකට අනුව සැකකරු අත්අඩංගුවට ගෙන ගල්කිස්ස අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කර ඇප මත මුදා හැර තිබිණි.




අපගේ නවතම පුවත් බලන්න..

© 2011-2016 Gossip9Lanka.co.uk

Join with Us

Latest Gallery

Video Gallery

A R C H I V E

Political News

Around the World

L A T E S T C O M M E N T S

S T A T S