Facebook Official Fanpage Official Twitter Account Google+ Official Page Rss Feed

Sinhala News

Entertainment

Sports News

Miscellaneous

TRENDING

අවුරුදු 15 ක් වයසැති දැරියක් තලාතුඔය පැත්තේ නිවසකට රැගෙන ගොස් දූෂණය කළ බවට චෝදනාවට යුද හමුදා සෙබලෙක් තලාතුඔය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

තලාතුඔය මයිලපිටිය ප්‍රදේශයේ පදිංචි ඇයව නීත්‍යානුකූල භාරකාරත්වයෙන් අපහරණය කොට අදාල යුද හමුදා වෛද්‍ය බලකායේ ලාන්ස් කෝප්‍රල්වරයා විසින් දූෂණය කර තිබෙනවා.

මෙම සෙබලා විවාහකයෙකු වන අතර ඔහුට දරුවෙකුද සිටින බවයි වාර්තා වුණේ.

බාලවයස්කාර දැරිය පවසා තිබෙන්නේ අදාල සෙබලා විවාහකයෙකු බව තමන් නොදැන සිටි බවත් ඔහු හා ප්‍රේම සම්බන්ධතාවයක් පැවැත්වු බවත්ය.

මෙම සෙබලා සතුව තිබූ ත්‍රීරෝද රථයකින් වරින් වර මෙම දැරියව සිය පුංචි අම්මාගේ නිවසට රැගෙන ගොස් දූෂණය කළ බවත් ඇය පවසා තිබෙනවා.

මෙම දැරියගේ ජංගම දුරකථනය මඟින් හමුදා සෙබලා සමඟ සබඳතා පවත්වා ඇති අතර මෙයට පෙර වෙනත් හමුදා සෙබළකු සමගද පෙම් සබඳතාවක් පවත්වා ඇති බව අනාවරණය වී තිබෙනවා.

මෙම දැරිය පාසලේ 10 වසරේ ඉගෙනුම ලබන අතර ඇගේ මව ඇඟලුම් ආයතනයක සේවයේ නිරත වනවා.

තම මව දුක් මහන්සියෙන් උපයා ගත් මුදලින් තම දියණියට ජංගම දුරකථනයක් ලබාදී ඇත්තේ වැඩ නිමවා නිවසට පැමිණි පසු දියණියගේ තොරතුරු දැනගැනීමේ අරමුණින්.

කෙසේ වෙතත් අදාල හමුදා සෙබලා තලාතුඔය පොලිසිය අත්අඩංගුවට ගෙන ඇති අතර දැරිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා රෝහල් ගතකර තිබෙනවා.




අපගේ නවතම පුවත් බලන්න..

© 2011-2016 Gossip9Lanka.co.uk

Join with Us

Latest Gallery

Video Gallery

A R C H I V E

Political News

Around the World

L A T E S T C O M M E N T S

S T A T S