Facebook Official Fanpage Official Twitter Account Google+ Official Page Rss Feed

Sinhala News

Entertainment

Sports News

Miscellaneous

TRENDING

බදුල්ල - ඇල්ල - රාවණා ඇල්ලෙන් ඇද වැටී ප්‍රංශ ජාතික තරුණියක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඇල්ල පොලිසිය සදහන් කළේ අදාළ තරුණිය අඩි 500 ක් පමණ උසකින් මෙලෙස ජල පහරත් සමග ඇද වැටී ඇති බවයි.

සිය පියා සමග ඊයේ (15) පස්වරුවේ රාවණා ඇල්ල නැරඹීමට පැමිණි ඇය එහි ඉහළ කොටසේ දියනෑමට ගොස් තිබෙනවා. පය ලිස්සීම හේතුවෙන් එක්වරම ඇය මෙලෙස ඇල්ලෙන් පහළට ඇද වැටී ඇති බවයි පොලිසිය වැඩිදුරටත් සදහන් කළේ.

මියගිය ප්‍රංශ ජාතික තරුණියගේ වයස අවුරුදු 19 ක්. මරිනා කුෂි නමැති මෙම තරුණිය පවුලේ අය පහල දිය නාමින් සිටියදී ගල් මත අඩි තබමින් ඉහළට යන්නට උත්සාහ කර ඇති බව දැනගන්නට ලැබෙනවා.

කෙසේ නමුත් රාවණා ඇල්ල අසල භාෂා ත්‍රිත්වයෙන් ගල් මත ඉහළට යන්නට එපා යැයි සඳහන් කොට තිබුණත් මෙම තරුණිය එය සැලකිල්ලට නොගෙන ඉහළටම යන්නට උත්සාහ කර තිබෙනවා.

පසුව ඇය එකවරම පය ලිස්සා ඇද වැටී ඇති අතර තරුණිය එම ස්ථානයේදීම මියගොස් තිබෙනවා.





අපගේ නවතම පුවත් බලන්න..

© 2011-2016 Gossip9Lanka.co.uk

Join with Us

Latest Gallery

Video Gallery

A R C H I V E

Political News

Around the World

L A T E S T C O M M E N T S

S T A T S