Facebook Official Fanpage Official Twitter Account Google+ Official Page Rss Feed

Sinhala News

Entertainment

Sports News

Miscellaneous

TRENDING

මේ දවස්වල ඔලිම්පික් නිසා ඔලිම්පික් උළෙලේ අතුරු කතාත් වැහි වැහලා. තරග උණුසුම වගේම මේ අතුරු කතා ගැනත් ගොඩක් අය උනන්දුයි.

මේ කියන්න යන්නෙත් ඒ වගේ කතාවක්.

රියෝ නුවර ඔලිම්පික් ගම්මානයේ ඇමරිකානු කොට්ඨාශයට නිරුවතින් කඩා වදින්නට තැත් කළ තරුණියන් පිරිසක් පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

පොලිස් අත්අඩංගුවවේදි මේ අය, තමන් මෙහෙම කරන්න හේතුවත් කියලා.

මේ අය ඇමරිකානු පිහිනුම් ශුර මයිකල් ෆෙල්ප්ස් ගේ රසිකාවියෝ.

ඔවුන් උත්සාහ කර ඇත්තේ මයිකල් ෆෙල්ප්ස් ඔලිම්පික් ගම්මානයෙන් නික්ම යාමට පෙර ඔහුව වැළඳ ගැනීමට සහ හාදු ලබාගැනීමට ලු.

මේ සිදුවීම ගැන ඇමරිකානු කණ්ඩායමෙන් සමාව ගන්නා බවයි බ්‍රසීල පොලිසිය පසුව නිවේදනය කළේ.

මේ අතර මෙලෙසම උඩු කය නිරුවත් තරුණියන් දෙදෙනෙකු ෆෙල්ප්ස් පරාජය කළ සිංග්ගප්පූරුවේ ජෝසෆ් ස්කූලින් රැගත් බස් රථය පිටුපස ඊයේ දිනයේ හඹා ගියා.

ඒ මෝටර් සයිකලයකින්.

මීට දින කිහිපයකට පෙර රියෝ හි සුප්‍රකට ක්‍රිස්තු ප්‍රතිමාව නැරඹීමට යමින් සිටි ඇමරිකානු බාස්කට් බෝල් කණ්ඩායමටද මෙවැනිම අත්දැකීමකට මුහුණ දීමට සිදුවුණා.




අපගේ නවතම පුවත් බලන්න..

© 2011-2016 Gossip9Lanka.co.uk

Join with Us

Latest Gallery

Video Gallery

A R C H I V E

Political News

Around the World

L A T E S T C O M M E N T S

S T A T S