Facebook Official Fanpage Official Twitter Account Google+ Official Page Rss Feed

Sinhala News

Entertainment

Sports News

Miscellaneous

TRENDING

පෙරේදා (2) හොඳම මිතුරියන් දෙදෙනෙකු නිවසේ එකම කාමරයක ගිනිතබාගෙන මියගිය පුවතකින් බදුල්ල මඩොල්සිම පිටමාරුව රෝබේරි වත්තේ පිරිස් භීතියට පත්විය.

මන්ද මෙලෙස ගිනිතබාගෙන තිබුණේ කුඩාකළ සිටම අඹ යහළුවන් ලෙසින් එකට කාලය ගතකළ මිතුරියන් දෙදෙනෙකු වීමයි. ඔවුන් ගමන් බිමන් ගියේ, කෑම බීම බෙදාහදාගත්තේ එක් කුස උපන් සහෝදරියන් මෙනි.

කිසිවෙකුට කරකියාගත නොහැකි වූ ඔවුන්ගේ හදිසි තීරණය නිසාවෙන් එක් තරුණියක් නිවසේදීම මියගිය අතර අනෙක් තරුණිය රෝහල් ගතකිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්විය.

මෙලෙස මියගිය එක් තරුණියක් දාහත් හැවිරිදි සෙල්වකුමාර් කාංචනා (17) සහ ලයිම් අංක 14 රෝබේරි වත්ත පිටමාරුව පදිංචි පරමේස්වරම් අරුල්සෙල්වි (17) නමැති තරුණියන් බව අනාවරණය විය.

කාංචනා එම ප්‍රදේශයේ තරුණයකු සමග ප්‍රේම සම්බන්ධතාවක් පැවැත්වූ නිසා ඇගේ පියා ඉකුත් 30 වැනිදා ඇයට තරවටු කිරීම හේතුවෙන් සිත් තැවුලට පත්වීමෙන් පසු මෙම යෙහෙළියන් දෙදෙනා පෙරේදා (01) උදෑසන සෙල්ව කුමාර් කාංචනාගේ නිවසේදී මෙසේ සිරුරට ගිනි තබාගෙන ඇත.

මෙම තරුණියන් දෙදෙනා එකම පාස‍ලේ එකම පන්තියේ ඉගෙන ගෙන ඇති අතර ඔවුන් කුඩා කාලයේ සිටම හොඳම යෙහෙළියෝ දෙදෙනකු බව පරීක්ෂණවලින් හෙළි වී තිබේ.




අපගේ නවතම පුවත් බලන්න..

© 2011-2016 Gossip9Lanka.co.uk

Join with Us

Latest Gallery

Video Gallery

A R C H I V E

Political News

Around the World

L A T E S T C O M M E N T S

S T A T S