Facebook Official Fanpage Official Twitter Account Google+ Official Page Rss Feed

Sinhala News

Entertainment

Sports News

Miscellaneous

TRENDING

දින කීපයක නිවාඩුවකට ලංකාවට පැමිණ සිගිරිය ප්‍රදේශයේ සංචාරක හෝටලයක නැවතී සිටි යුවලකගේ රු. ලක්ෂ දෙකක මුදල් පසුම්බිය හා විසා කාඩ් බැංකු කාඩ් සියල්ල හෝටල් කාමරයේ තිබී අතුරුදන් වී ඇතැයි සිගිරිය පොලිසියට පැමිණිලි කර ඇත. තම අතේ කිසිදු මුදලක් නැතිව තමන් දැඩි ලෙස අසරණවී සිටින බව ප්‍රංශ පදිංචි ශ්‍රී ලාංකික ජාතික සංචාරක ජිවනි බාලසුරිය මහත්මිය පැවසුවාය.
තමන් හා සැමියා දියණිය ප්‍රංශයේ සිටම ලංකාවේ ඇති සුපිරි ගනයේ සංචාරක හෝටල් ඇනවුම් කර මුදල් ගෙවා සිටි බවත් සිගිරිය රන්ගිරිගම ප්‍රදේශයේ පිහිටි (විල් උයන )සංචාරක හෝටලයේ නවාතැන් ගත්බවත් තමන් සීගිරියේ ගොස් පස්වරුවේ හෝටලයට පැමිණ මුදල් පසුම්බිය කාමරයේ තබා රාත්‍රී ආහාරය ගැනීමට සියලු දෙනා එම හෝටලයේම වෙනත් ස්ථානයකට ගිය බවත් ඒ අවස්ථාවේ හෝටලයේ දෙදෙනකු කාමරයට පැමිණ අමතර මෙට්ටයක් දමා තිබු බවත් ඊට අමතරව කාමර පරික්ෂා කරන සේවකයකු පැමිණ ඇති බව ජිවනි බාලසුරිය මහත්මිය සිගිරිය පොලිසියට පැමිණිලි කර ඇත.

දඹුල්ල සහකාර පොලිස් අධිකාරි ගාමිණි මිගහකුබුර මහතාගේ උපදෙස් පරිදි විශේෂ පොලිස් කණ්ඩායම් කීපයක්ම පරීක්ෂණ ආරම්භ කර ඇත. පැමිණිලිකාරිය කියා සිටියේ තමන් සිගිරි ගොස් නැවත එන අතරේ ලබාගත් ඡායාරූප වල තමන්ගේ අතේ මුදල් පසුම්බිය හා මුහුණ පිස දමන කඩදාසි පැකට්ටුව තිබුණු බවට ඡායාරූප තිබෙන බවත් අතේ තිබුණු කඩදාසි පැකට් එක කාමරයේ මුදල් පසුම්බිය තිබු තැනම තිබියදී පසුම්බිය පමණක් නැතිවී ඇති බවය.

මේ පිලිබදව සංචාරක හෝටල් කළමනාකාරිත්වය දැනුවත් කිරීමෙන් පසු පොලිසිය එන්නට පෙර තමන්ගේ බඩු බැග් සියල්ල කාමරයෙන් ඉවත්කර කාමරයද සුද්ද පවිත්‍ර කර තිබෙන බව කීවාය.

මේ වනවිට සිගිරිය පොලිසිය නිල සුනඛ අංශය ගෙන්වා ඇගිලි සලකුණු අංශය ගෙන්වා පරීක්ෂණ සිදු කරති. මේ පිළිබඳව අප සිගිරිය විල් උයන සංචාරක හෝටලයේ කළමනාකාර ක්‍රිස් පොල් මහතාගෙන් විමසීමේදී කිවේ මේ පිළිබඳව වගකීමක් තමන්ට ගන්නට නොහැකි බවත් ,පොලිසිය පරීක්ෂණ කරන බවය ,කාමර වල ආරක්ෂිත පෙට්ටියේ වටිනා කියන දේ දමන එක සංචාරකයන් දැනගතයුතු බවද කිවේය.




අපගේ නවතම පුවත් බලන්න..

© 2011-2016 Gossip9Lanka.co.uk

Join with Us

Latest Gallery

Video Gallery

A R C H I V E

Political News

Around the World

L A T E S T C O M M E N T S

S T A T S