Facebook Official Fanpage Official Twitter Account Google+ Official Page Rss Feed

Sinhala News

Entertainment

Sports News

Miscellaneous

TRENDING

පසුගිය ජනා‍ධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතා අවුරුදු 2ක් නැති කර ගත් බවත් පාද යාත්‍රාවේ මහනුවර සිට කොළඹට පයින් එන විට තවත් 2ක් නැති කර ගත් බවත් නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර පැවසුවා.

ඒ ආසන සංවිධායක තනතුර හා පක්ෂ සාමාජිකත්වයද බවයි ඒ මහතා පෙන්වා දුන්නේ.

කෙසේ වෙතත් මහින්ද රාජපක්ෂ කාලය තු‍ළ රට පාලනය කළේ වෙඩි තියා මරා දමමින් බවද අමාත්‍ය පාලිත රංගේ කියාසිටියා.

ඔහු මේ බව පැවසූයේ ඊයේ (31) පැවති මාධ්‍ය හමුවක් අමතමින්.

මහින්ද රාජපක්ෂ පාලන කාලයේ ධීවර උද්ඝෝෂණයක් අතරතුර තම ඉල්ලීම් ඉල්ලූ ඇන්ටනී ප්‍රනාන්දු නම් ධීවරයා මිය ගිය බවත්, රතුපස්වල සිදුවීමේදී වතුර ඉල්ලූ පිරිසව වෙඩි තබා ඝාතනය කළ බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නා.

එමෙන්ම පාද යාත්‍රාව අතරතුර ගිලන් රථයට පහරදීමේ සිදුවීම කණ්ඩායමක් එකට එකතු වී ප්‍රචණ්ඩත්වයේ යෙදීමක් බවත්, එය නීති විරෝධී ජනරාශියක් බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නා.




අපගේ නවතම පුවත් බලන්න..

© 2011-2016 Gossip9Lanka.co.uk

Join with Us

Latest Gallery

Video Gallery

A R C H I V E

Political News

Around the World

L A T E S T C O M M E N T S

S T A T S