Facebook Official Fanpage Official Twitter Account Google+ Official Page Rss Feed

Sinhala News

Entertainment

Sports News

Miscellaneous

TRENDING

අද කාලේ Youth එක ගැන මොකද හිතන්නේ?

මම හිතන්නේ ඉස්සර අපි බය දේවල්වලට දැන් අය බය නෑ වගේ. නමුත් ඒ කාලෙට වඩා දැන් Youth එක බුද්ධිමත්.

ඒ කාලේ කොල්ලෙක් කෙල්ලෙක් අතින් අල්ලගෙන යද්දී මොනවද හිතුණේ.


දැන් කාලේ වගේ නෙවෙයි, ඒ කාලේ ඒ වගේ දර්ශන හරි අඩුයි.

ආදරේ කියලා දැනුණේ මොනවගේ හැඟීමක්ද?

මම හිතුවේ ආදරය කියන්නේ සදාකාලික දෙයක් කියලා. මම යාළු වෙන්නත් බය වුණේ ඒකයි. මම හිතුවා යාළු වුණොත් බඳින්නම වෙයි කියලා.

මුලින්ම ආදර ඇරැයුමක් ලැබුණු හැටි මතකද?


ඇරැයුමක් ලැබෙන්නත් කලින්ම එයා මට ආදරෙයි වගේ දැනුණා.

එයා ඔයාගෙන් ඇහුවද, ඔයා එයාගෙන් ඇහුවද?


එයා තමයි මගෙන් ඇහුවේ. ඒ මගේ සැමියා සමන්ත. අපි දෙන්නා සංගීතය කළේ. ඉතින් හරි හිතවත්ව හිටියා. එහෙම ඉඳලා එයා ආදරෙයිද කියලා ඇහුවා.

ඒ කාලේ ආදරේ කරන්න මුණගැහුණේ, කොහේදීද?


බස් එකට නැඟලා රත්නපුරේ ඉඳලා බළන්ගොඩ යනවා. ආයේ රත්නපුරට එනවා. එක්කෝ රත්නපුර ඉඳලා රක්වානට යනවා. ආයේ රක්වානේ ඉඳලා රත්නපුරට එනවා.

ඔය විදියට ගියපු ගමන් බිමන් ගෙදරට ආරංචි වෙලා නැද්ද?


අම්මෝ.... දැන ගත්තා. මම හරියට බය වුණා. මට තාත්තා හොඳටම බැන්නා. අපේ ගෙදර අය කොහොමත් එයාව දන්නවා. ඉතින් තාත්තා බැන්නේ ගෙදර එන්නේ නැතිව පාරේ කතා කළා කියලා.

ඔයා මොනවද කළේ?


මම කටවහගෙන හිටියා.

ඒ කාලෙත් ආදරය සහ ලිංගිකත්වය සමානයිද?


අපෝ නැහැ. ඒ කාලේ අතින් ඇල්ලුවත් අශෝභනයි නේ. ආදරය අඳුනගන්නත් කල් යනවා. වැරැද්දක් වුණාට පස්සේ ඒ ආදරෙන් වැඩක් නෑ.

එයා මුලින්ම අතින් අල්ලපු දවසේ මොනවද හිතුණේ? 


ලැජ්ජා හිතුණා.

අමිලා ඒ කාලේදී කාලෙට ගැළපෙන්න ෆැෂන් කරපු කෙල්ලෙක්ද?


අනේ නෑ. තියෙන ඇඳුම ඇන්දා. ෆැෂන් ගැන හිතුවේ නෑ.

වැඩියෙන්ම ඇඳුම් අරන් දුන්නේ කවුද?


අම්මයි, තාත්තායි තමයි. අවුරුද්දට තෑගි ලැබුණා. එක පාරක් නම් මම සල්ලි එකතු කරලා මම ආස විදියට සායක්, බ්ලවුස් එකක් ගත්තා.

පර්ෆියුම් පාවිච්චි කළාද?


ඉස්සර නම් නෑ. දැන්නම් නැතිවම බෑ. Nike තමයි.

එයාගේ පර්ෆියුම් සුවඳ මතකද?


අනේ මතකයි ගොඩක්. නම දන්නේ නෑ. දවසක් මම ගෙදරට හොරෙන් එයාගේ ෂර්ට් එකක් හෝදද්දී ඒ සුවඳ දැනිලා මට ලෝබ හිතුණා. ෂර්ට් එක වේළුවෙත් මගේ ගවුමක් අස්සේ හංගලා.

ඒ කාලේ ආසම ඇඳුම මොකද්ද?


පන්ජාබ් එකට. නැන්දා රටින් ගෙනාපු පන්ජාබ් කීපයක් තිබුණා.

කොණ්ඩේ බැන්දේ කොහොමද?


එයා කැමැති වුණේ මම කොණ්ඩේ උඩින් බඳිනවට. ඒත් මම එහෙම බැන්දේ නෑ. මම ගෙතුවා.

අද කාලේ පිරිමි ළමයින්ගේ ෆැෂන් ගැන මොනවද හිතන්නේ?


අපෝ සමහර ඒවා නම් අන්තිමයි. ගැළපෙන්නේම නැහැ. කොණ්ඩේ වවනවට නම් මම ආසම නෑ. ඒක පෞරුෂයටත් හානියක්. කරන්න ඕනෑ අපිට ගැළපෙනවා නම් විතරයි.

එතකොට අමිලා තවම තරුණයිද?


අනේ නෑ.

එදා තරුණ කාලෙට වඩා අද තරුණ කාලේ හොඳයිද?


අද අය වැරැදියි කියන්න බෑ. ඒ කාලෙත් අදට වඩා වැරැදියි, හනමිටි අදහස්, නොගැළපීම් තිබුණා.

හංසි ආටිගල




අපගේ නවතම පුවත් බලන්න..

© 2011-2016 Gossip9Lanka.co.uk

Join with Us

Latest Gallery

Video Gallery

A R C H I V E

Political News

Around the World

L A T E S T C O M M E N T S

S T A T S