Facebook Official Fanpage Official Twitter Account Google+ Official Page Rss Feed

Sinhala News

Entertainment

Sports News

Miscellaneous

TRENDING

පියෙකුගෙ වෙසින් පැමිණි තම දියණියව දූෂණය කිරීමේ වරදකට හසුවූ හම්බන්තොට ප්‍රදේශයේ පුද්ගලයෙකු අධිකරණයේ තීන්දුව ලබාදීමට පෙර දිනයේ දියණියට වෙඩි තබා ඇති පුවතක් පිළිබඳව වාර්තා වෙනවා.

මෙම සිද්ධියට මුහුණුදී ඇත්තේ කතරගම - කඳසුරිඳුගම නම් ගම්මානයේ ජීවත්වූ දැරියක් වන අතර ඊයේ (24) දිනයේ ඇයගේ නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත්කිරීමටයි තිබී ඇත්තේ. නමුත් සිද්ධියට සම්බන්ධ පියා විසින් ඊට පෙර දින එනම් 23වනදා ඇයට වෙඩි තබා තිබෙනවා.

මීට වසර 4කට පෙර එනම් 2012 වර්ෂයේ දිනෙක පී. එච්. සුගතදාස (54) නම් වන මෙම පුද්ගලයා විසින් දැරියව දූෂණය කර ඇති අතර පසුව ඔහුට එරෙහිව වන නඩුව හම්බන්තොට අධිකරණයේ විභාග වී තිබෙනවා.

එහි තීන්දුව 24 වෙනිදා ප්‍රකාශයට පත් කිරීමට තිබූ අතර 23 වැනි දින රාත්‍රි 8 ට පමණ කඳසුරිඳුගම පිහිටි දියණිය ජීවත් වූ නිවසට පැමිණි මෙම පියා තමන්ගේ ඇති සියලුම බඩු බාහිරාදිය අවශ්‍ය බව පවසා තිබෙනවා.

පසුව ඔහුට අයිති ඇඳුම් පැළඳුම් හා ලියකියවිලි ලබාදෙන අතරතුර ගල්කටස්‌ වර්ගයේ තුවක්‌කුවක් ඇතට ගෙන තම දියණියට වෙඩි තබා පලාගොස් තිබෙනවා. එල්ල වූ වෙඩි පහර උරහිස ප්‍රදේශයට වැදී ඇති දියණියට එම ස්ථානයේ වැටී ඇති අතර පසුව ඇයව හම්බන්තොට රෝහලට එම මොහොතේම රැගෙන ගොස්‌ තිබෙනවා.

වෙඩි තැබූ පියා සොයා මේ වන විට පොලිසිය පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.




අපගේ නවතම පුවත් බලන්න..

© 2011-2016 Gossip9Lanka.co.uk

Join with Us

Latest Gallery

Video Gallery

A R C H I V E

Political News

Around the World

L A T E S T C O M M E N T S

S T A T S