Facebook Official Fanpage Official Twitter Account Google+ Official Page Rss Feed

Sinhala News

Entertainment

Sports News

Miscellaneous

TRENDING

ජාත්‍යන්තර එක්දින සහ 20 යි 20 තරගවලින් සමුගැනීමට තීරණය කල බව තුන් ඉරියව් ක්‍රීඩක තිලකරත්න ඩිල්ෂාන් පවසනවා. ඒ අනුව ඔස්ට්‍රේලියාවට එරෙහිව ලබන ඉරිදා පැවැත්වෙන තුන්වන එක්දින ක්‍රිකට් තරගයෙන් පසු ඔහු ජාත්‍යන්තර එක්දින තරගවලින් සමු ගනු ඇති.

එමෙන්ම ඔස්ට්‍රේලියාව සමග පැවැත්වෙන 20 යි 20 තරග දෙකට ක්‍රීඩා කිරීමෙන් පසු 20 යි 20 තරගවලින් ද සමුගන්නා බවයි ඔහු ප්‍රකාශකර ඇත්තේ.

ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර තුන්වන එක්දින තරගය ලබන ඉරිදා දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා. 20 යි 20 තරග 2 පල්ලෙකැලේදී සහ කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි.

1999 වසරේ දෙසැම්බර් 11 වනදායි ඩිල්ෂාන් පළමුවරට ජාත්‍යන්තර එක්දින තරග බිමට පිවිසියේ. මේ වන විට 39 හැවිරිදි වියෙහි පසුවන ටී එම් ඩිල්ෂාන් ක්‍රීඩා කර ඇති එක්දින ජාත්‍යන්තර තරග සංඛ්‍යාව 329 ක්.

එහිදි ඔහු ලකුණු 10248 ක් රැස්කර තිබෙනවා. 2006 වසරේ ජුනි මස 15 වනදා එංගලන්තයට එරෙහිව පැවති 20 යි 20 තරග බිමට පිවිසි ඩිල්ෂාන් 20 යි 20 ජාත්‍යන්තර තරග 78 කදී ලබාගෙන ඇති ලකුණු සංඛ්‍යාව 1884 ක්.

එමෙන්ම එක්දින ශතක 22 ක් / අර්ධ ශතක 47 ක් ඔහුගේ වාර්තා අතරට එක්ව තිබෙනවා. 20 යි 20 තරගවලදී එක් ශතකයක් සමගින් ඩිල්ෂාන් ලබාගෙන ඇති අර්ධ ශතක සංඛ්‍යාව 13 ක්. එක්දින තරග 329 කදී පන්දු යැවීමෙන් ඩිල්ෂාන් කඩුලු 106 ක් බිඳහෙලා තිබෙනවා. 20 යි 20 තරග 78 දී ඔහු බිඳහෙලා ඇති කඩුලු සංඛ්‍යාව 7 ක්.

1999 වසරේ නොවැම්බර් 18 වනදා සිම්බාබ්වවේ කණ්ඩායම සමග පැවති තරගයකින් ටෙස්ට් තරග බිමට පිවිසි ටී එම් ඩිල්ෂාන් 2013 වසරේ මාර්තු මාසයේ බංග්ලාදේශයට එරෙහිව පැවති තරගයකින් අනතුරුව ටෙස්ට් දිවියෙන් සමුගත්තා.




අපගේ නවතම පුවත් බලන්න..

© 2011-2016 Gossip9Lanka.co.uk

Join with Us

Latest Gallery

Video Gallery

A R C H I V E

Political News

Around the World

L A T E S T C O M M E N T S

S T A T S