Facebook Official Fanpage Official Twitter Account Google+ Official Page Rss Feed

Sinhala News

Entertainment

Sports News

Miscellaneous

TRENDING

තම බිරිය වස සහිත කුඩු විශේෂයක් ඉදිආප්ප සමඟින් කෑමට ගනෙ අල හොද්දකට කලවම් කළැයි කියන සිදුවීමකට අදාළව සැමියකු විසින් පොලිසියට භාරදුන් සැක සහිත කෑම පාර්සලයක් අධිකරණයට ඉදිරිපත් කිරීමේදී එම ආහාර පාර්සලය රජයේ රස පරීක්ෂකවරයාට යොමු කොට වාර්තාවක් කැඳවන ලෙස කුලියාපිටිය මහෙස්ත්‍රාත් රුවන් ධම්මික දිසානායක මහතා නියම කර තිබෙනවා.
මෙම සිද්ධියේ එන ස්වාමියාට වෙනත් සම්බන්ධයක් ඇතැයි කියමින් අවුරුදු 45ක් පමණ වයසැති කඳයාය ප්‍රදේශයේ අඹු සැමි යුවළක් නිතර නිතර සුළු ආරවුල් ඇති කරගෙන තිබෙනවා.

දිනක් සැමියා නිවෙසට පැමිණ ඇති අවස්ථාවේ බිරිය විසින් යාබද නිවෙසකින් ඉදිආප්ප ඇණවුම් කර ඇති අතර එහි වූ අල හොදිවලට යම් කුඩු විශේෂයක් කලවම් කරනු දුටු යාබද නිවැසියා එය සැමියාට සැල කිරීමෙන් ඇති වූ තද බල සැකය මත සැමියා සහ අදාළ යාබද නිවැසියා දුම්මලසූරිය පොලිස් ස්ථානාධිපතිවරයාට මේ පිළිබඳ පැමිණිලි කර තිබිණි.

පසුව බිරිය කැඳවා ප්‍රකාශ සටහන් කරගැනීමෙන් අනතුරුව සැක සහිත ආහාර පාර්සලය පොලිසිය අධිකරණයට ඉදිරිපත් කොට තිබේ.




අපගේ නවතම පුවත් බලන්න..

© 2011-2016 Gossip9Lanka.co.uk

Join with Us

Latest Gallery

Video Gallery

A R C H I V E

Political News

Around the World

L A T E S T C O M M E N T S

S T A T S