Facebook Official Fanpage Official Twitter Account Google+ Official Page Rss Feed

Sinhala News

Entertainment

Sports News

Miscellaneous

TRENDING

අනුරාධපුර රුවන්වැලි මහා සෑයේ රථ ගාල අසල වැසිකිළියට යන එන තරුණියන්ගේ රුව සිය ජංගම දුරකථනයෙන් වීඩියෝ ගත කරමින් සිටි තිස්‌ හය හැවිරිදි පුද්ගලයකු පෙරේදා (28 දා) සවස අනුරාධපුර උඩමළුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු සිය ජංගම දුරකථනයෙන් වැසිකිළිය තුළ සිට එළියට පැමිණෙමින් සිටි තරුණියකගේ රුව වීඩියෝ කරමින් සිටියදී ඒ බව දුටු ඇය කෑ ගසා තිබේ.

ඇගේ කෑගැසීම ඇසී වහා ක්‍රියාත්මක වූ රුවන්වැලි මහ සෑයේ පිවිසුම් දොරටුව අසල ආරක්‍ෂක රාජකාරියේ නිරතව සිටි නිලධාරීන් තරුණිය අසලට ගොස්‌ කෑගැසීමට හේතුව පිළිබඳව ඇගෙන් විමසීමේදී සිද්ධිය ගැන ඇය ප්‍රකාශ කොට ඇත.

එම අවස්‌ථාවේම සැකකරු අත්අඩංගුවට ගෙන ඔහුගේ ජංගම දුරකථනය පරීක්‌ෂා කිරීමේදී රුවන්වැලි මහ සෑය රථ ගාල අසල වැසිකිළියට ආ ගිය තරුණ කතුන්ගේ ඡායාරූප සහ වීඩියෝ දර්ශන කීපයක්‌ තිබී පොලිසිය විසින් සොයාගෙන තිබිණි.

උඩමළුව පොලිස්‌ ස්‌ථානයේ නිලධාරීන් විසින් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී සැකකරු පොල්ගස්‌ඕවිට, හල්පිට, දෙල්ගහවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවකු බව අනාවරණය වී ඇත.

ඔහු පිළිබඳව වැඩිදුර විමර්ශන පවත්වා අනුරාධපුර මහෙස්‌ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීම සඳහා උඩමළුව පොලිසිය විසින් සැකකරු අනුරාධපුර පොලිස්‌ ස්‌ථානයට භාරදී ඇත.




අපගේ නවතම පුවත් බලන්න..

© 2011-2016 Gossip9Lanka.co.uk

Join with Us

Latest Gallery

Video Gallery

A R C H I V E

Political News

Around the World

L A T E S T C O M M E N T S

S T A T S