Facebook Official Fanpage Official Twitter Account Google+ Official Page Rss Feed

Sinhala News

Entertainment

Sports News

Miscellaneous

TRENDING

''උදේ ඉදන් ගඳ වහනය වුනා,
ඒ වුනාට අපි හිතුවේ සතෙක් කුණු වෙලා කියලා.
කාණු සකස් කරන පුද්ගලයෙක් මට
දුවගෙන ඇවිත් කිවාට පස්සේ මමත් ගිහින් බැලුවා,
පොලිසියට සැක 5කට විදෙස්ගතවීම තහනම්''


බම්බලපිටිය ප්‍රදේශයේදී පැහැරගෙන ගොස් මාවනැල්ල රුකුලගම ප්‍රදේශයේ ඉඩමක ඝාතනය කර තිබියදී සොයාගත් කෝටිපති ව්‍යාපාරිකයාගේ මළසිරුර සම්බන්ධයෙන් මාවනැල්ල දිසා විනිසුරු හා මහේස්ත්‍රාත් එල්. කේ. මහින්ද මහතා විසින් සිද්ධිය වූ ස්ථානයේදී අද (25) පෙරවරුවේ මහේස්ත්‍රාත් පරීක්‍ෂණයක් පවත්වා තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් කෑගල්ල ශික්‍ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී රමේෂ් අලංගියවන්න මහතා විසින් මළසිරුර පිලිබඳව නීරීක්‍ෂණය කල අතර එම ස්ථානයට පැමිණ සිටි පසුගිය දිනෙක කොළඹින් අතුරුදන් වූ කෝටිපති ව්‍යාපාරිකයාගේ ඥාතින් දෙදෙනෙකු විසින් මෙලෙස මියගොස් ඇත්තේ කෝටිපති ව්‍යාපාරිකයා බවට හඳුනාගෙන තිබෙනවා.

මළ සිරුරේ ඡායාරූප අන්තර්ජාලයෙන් කොළඹ සිය ඥාතීන්ට හා බිරිඳට යවා ඇති අතර එහිදි ඒවා කෝටිපති ව්‍යාපාරිකයාගේ බවට ඔවුන් තහවුරු කර තිබෙනවා.

එමෙන්ම බම්බලපිටිය කෝටිපති ව්‍යාපාරිකයා ඝාතනයට පොලිසියට අවශ්‍ය 05 දෙනෙකුට විදෙස්ගතවිම තහනම් කරමින් අධිකරණයෙන් තහනම් නියෝගයක් නිකුත්කර තිබෙනවා. එම පස්දෙනා කව්රුන්දැයි මෙතක් අනාවරණ කර නැහැ

මළ සිරුර පිළිබද වැඩිදුර පශ්චාත් මරණ පරීක්‍ෂණය සඳහා එය කෑගල්ල ශික්‍ෂණ රෝහල වෙත යොමු කරන ලෙසට විනිසුරුවරයා නියම කරන ලදී. මළ සිරුර හමුවන විට එය බෙහෙවින් ඉදිමී දුඟද හමන තත්වයක තිබූ අතර මුහුණ ඇතුලූ ශරීරයේ කොටස් සතුන් විසින් කා දමා ඇති අයුරුද දකින්නට ලැබී ඇත.

මෙම මරණය පිලිබද පොලිස් පරීක්‍ෂණ කටයුතු සඳහා කොළඹ අපරාධ කොට්ඨාංශයේ පිරිසක් සහ විශේෂ විමර්ශන ඒකකයේ නිලධාරින් පිරිසක්ද කෑගල්ල පොලිසියේ නිලධාරින් පිරිසක් ද මාවනැල්ල පොලිසියේ නිලධාරින් පිරිසක් ද පැමිණ සිටියහ.

මාවනැල්ල පොලිස් කලාපයට අයත් රුකුගලම ප්‍රදේශයෙන් හමු වූ මෙම මළ සිරුර සම්බන්ධයෙන් එම සිරුර හමුවූ ප්‍රධාන මාර්ගයෙන් අනික් පස පිහිටි නිවසේ අයිතිකරු වන ආර්. එම්. රාජපක්ෂ මහතා මෙ සිද්ධිය සම්බන්ධයෙන් උදෑසනම එහි ගිය මාධ්‍යයට මෙසේ පැවසා තිබුණි.

මෙම සිදුවිම 24 වැනිදා 2 ත් 3 ත් අතර කාලයේ සිදු වෙන්න ඇති. මම දහවල් කෑම කලා ගෙදර විවේකයෙන් ඉන්නකොට හෙම්මාතගම මාවනැල්ල ප්‍රධාන මාර්ගයේ කාණු සකස් කරන පුද්ගලයෙක් මට දුවගෙන ඇවිත් කිවාට පස්සේ මමත් ගිහින් බැලූවා. උදේ ඉදන් ගඳ වහනය වුනා, ඒ වුනාට අපි හිතුවේ සතෙක් කුණු වෙලා කියලා. මේ පුද්ගලයා පාරේ කාණු වල වැඩ කරද්දි ඉනි වගයක් කපන්න පාරෙන් පහල තියෙන කැලෑ කොටසට ගිහින් දැකලා තමයි මෙහෙම දුවගෙන ඇවිත් කිවේ.

මේ මළසිරුර තිබුණෙත් මට අයිති පාරෙන් අනික් පස වූ භූමියේ. මේකෙන් එක් පසක පාරේ ඉවත් කරන පස් පුරවලා තිබුණේ. ඒ තැනිතලාවෙන් අනික් පසට වෙන්න පාරෙන් අඩි කිහිපයක් පල්ලෙහා ඇති බැවුමේ තමයි මෙ මළ සිරුර තිබුණේ යැයි ද ඔහු පවසා තිබේ.

කෙසේ වෙතත් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරික්ෂණ පොලිසිය විසින් මෙ වන විටද සිදු කරගෙන යනු ලබයි.




අපගේ නවතම පුවත් බලන්න..

© 2011-2016 Gossip9Lanka.co.uk

Join with Us

Latest Gallery

Video Gallery

A R C H I V E

Political News

Around the World

L A T E S T C O M M E N T S

S T A T S