Facebook Official Fanpage Official Twitter Account Google+ Official Page Rss Feed

Sinhala News

Entertainment

Sports News

Miscellaneous

TRENDING

ආදර සබඳතාවකට මවුපියන් විරුද්ධ වීම නිසා උරණ වූ දෙහිඅත්තකණ්ඩියේ අවුරුදු 17ක තරුණියක් බෙහෙත් පෙති වර්ගයක් පානය කර පසුගිය 15දා සවස සිය දිවි හානිකරගෙන ඇති බව පොලිසිය කියයි.

මෙසේ අවාසනාවන්ත ලෙස මියගොස් ඇත්තේ අත්තනායක මුදියන්සේලාගේ මංජුලා හර්ෂණී නමැති දෙහිඅත්තකණ්ඩිය, විජයපුර පදිංචිව සිටි තරුණියකි.

ආදර සබඳතාවට මවුපියන් කළ අවවාදයක් නොරිස්සූ ඇය එදින (15දා) දහවල් තම ආච්චි අම්මාට රෝගී තත්ත්වයකට ගෙනා බෙහෙත් පෙති 46ක් ගිල දමා ඇත.

දහවල් 12.50ට පමණ මේ තැනැත්තිය අසාධ්‍ය තත්ත්වයෙන් දෙහිඅත්තකණ්ඩිය මූලික රෝහලට ඇතුළත් කර ඇත. ප්‍රතිකාර ලබාදෙන අතරතුර ඇය මියගොස් ඇත.

පසුගිය 16 වැනි දින එගොඩපත්තුව හදිසි මරණ පරීක්‍ෂක ඩී. එම්. නන්දසේන මහතා මරණ පරීක්‍ෂණය සිදුකළ අතර පශ්චාත් මරණ පරීක්‍ෂණය දෙහිඅත්තකණ්ඩිය මූලික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරි ප්‍රසාද් කුමාර මහතා විසින් කරන ලදී. දෙහිඅත්තකණ්ඩිය පොලිසිය වැඩිදුර පරීක්‍ෂණ සිදුකරයි.




අපගේ නවතම පුවත් බලන්න..

© 2011-2016 Gossip9Lanka.co.uk

Join with Us

Latest Gallery

Video Gallery

A R C H I V E

Political News

Around the World

L A T E S T C O M M E N T S

S T A T S