Facebook Official Fanpage Official Twitter Account Google+ Official Page Rss Feed

Sinhala News

Entertainment

Sports News

Miscellaneous

TRENDING

තාත්තා කෙනෙකුට තමන්ගේ දුව මනමාලියෙක් වෙන එක තරම් සතුටක් මේ ලෝකේ කොහෙවත් නෑ. පුංචි කාලේ ඉඳලම ආදරයෙන් බලාගත්ත දුව ඇයගෙම කියලා ආදරයක් හොයාගෙන ගිය දවසට වැඩිපුරම දුක්වෙන්න තාත්තා.

මොකද තාත්තා තමයි දුවට වැඩියෙන්ම ආදරේ කියලා අපි ඒ කාලේ ඉඳන්ම අහපු කතාවක් තියෙන නිසා. නමුත් දුවගේ විවාහයේ දවස තමන්ගේ ජීවිතේ අවසන් දවස වෙයි කියලා අපි කියන්න යන කතාවේ හිටපු තාත්තා නොහිතන්න ඇති.

මේ සිද්ධිය අපිට ඊයේ (18) ආරංචි වුණේ පොල්පිතිගම මඩහ‍පොළ ප්‍රදේශයෙන්. දැනගන්න ලැබෙන හැටියට දුවගේ විවාහයේ දවසේ පොරුවේ චාරිත්‍ර කරන අතරතුරු මේ පියා හිටපු ගමන් ඇදගෙන වැටිලා තියෙනවා. හදිසියේම වුණු මේ සිද්ධියෙන් එතන හිටපු හැමෝම වගේ කළබලයට පත්වෙලා මේ පුද්ගලයා ගැන හොයාබලන්න කටයුතු කරලා තියෙනවා.

මනමාලියත් පොරුවෙන් බැහැලා ඇවිත් තමන්ගේ තාත්තට එකපාරටම වුනේ මොකක්ද කියලා හිතාගන්න බැරිව ඉද්දි අවට හිටපු අය ඔහුව රෝහලට අරන් යන්න කටයුතු කරලා තියෙනවා. ඒත් අවාසනාවකට වගේ ඔහු දියණියගේ විවාහය දවසෙම හැමෝවම දාලා යන්න ගිහින්.

දුවගේ විවාහය සිද්ධවෙන නිසා මේ දවසේ ඔහු ගොඩක් සතුටින් හිටියා කියලා තමයි මංගල උත්සවයට සහභාගී වුණු අයනම් කියන්නේ. ඔහු ‍පොල්පිතිගම දිසා රෝහලට ඇතුළත් කරලා තිබුණත් ඒ වෙද්දිත් ඔහු මියගිහින්.

එතන හිටපු අය කියන්නේ හෘදයාබාධයක් නිසා මේ දේ සිද්ධ වෙන්න ඇති කියලා.

අපගේ නවතම පුවත් බලන්න..

© 2011-2016 Gossip9Lanka.co.uk

Join with Us

Latest Gallery

Video Gallery

A R C H I V E

Political News

Around the World

L A T E S T C O M M E N T S

S T A T S