Facebook Official Fanpage Official Twitter Account Google+ Official Page Rss Feed

Sinhala News

Entertainment

Sports News

Miscellaneous

TRENDING

රියඅනතුරකට ලක්‌ව මියගොස්‌ ගාල්ල මහමෝදර රෝහල වෙත රැගෙන ආ ගැබිනි මවකට රෝහලේ බාහිර රෝගී අංශය තුළදීම සිසේරියන් සැත්කමක්‌ සිදුකර ඇගේ දරුවාගේ ජීවිතය බේරාගැනීමට ගාල්ල මහමෝදර රෝහලේ වෛද්‍යවරුන් පෙරේදා (4 දා) රාත්‍රී සමත් වූහ.

අකුරැස්‌ස පැනෑටියන ප්‍රදේශයේ සිට ගාල්ල මහමෝදර රෝහලට දරු ප්‍රසූතිය සදහා මෙම ගැබිනි මව ත්‍රිරෝද රථයකින් රැගෙන එමින් සිටියදී ගාල්ල සමුද්‍ර මාවත පළතුරු වෙළද සැල ඉදිරිපිටදී අනතුරට ලක්‌ව ඇත.

පසුව අනතුරට ලක්‌වූ ගැබිනි මව අනතුරින් මිනිත්තු දහයක්‌ ඇතුළත මහමෝදර රෝහලට රැගෙන විත් ඇති අතර එම රෝහලේ වෛද්‍ය මධුශාන් වීරසිංහ මහතා ඇතුළු රෝහල් කාර්ය මණ්‌ඩලය යුහුසුළුව ක්‍රියාත්මකව අනතුරට ලක්‌ව රැගෙන ආ ගැබිනි මවට බාහිර රෝගී අංශය තුළදීම සිසේරියන් සැත්කමක්‌ සිදුකර බිළිදාගේ ජීවිතය බේරාගෙන ඇත.

මෙම අනතුරට ලක්‌වූ මව රෝහල වෙත රැගෙන එන විටත් මව මියගොස්‌ සිටි බවද පැවසේ. මියගිය කාන්තාවට උපන් බිලිඳා යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බව ද රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙම අවාසනාවන්ත සිද්ධියෙන් මියගොස්‌ ඇත්තේ ඌරගස්‌මංහන්දිය උතුරු මාගල පදිංචිකාරියක වන කේ. චන්ද්‍රිකා ප්‍රියදර්ශනී නැමති විසිපස්‌ හැවිරිදි කාන්තාවකි.

මෙම කාත්තාව ඇගේ සැමියා සමග අකුරැස්‌ස පැලෑටියන ප්‍රදේශයේ කුරුඳු තැලීමේ රැකියාව සදහා පැමිණ සිට ඇත. ඒ අතර වාරයේ පසුගිය 4 දා පස්‌වරුවේ දරුවා ලැබීම සඳහා ත්‍රිරෝද රථයකින් මහමෝදර රෝහලට රැගෙන එමින් සිට ඇත.

ත්‍රිරෝද රථයෙන් පිටතට තිබූ මවගේ හිස ගාල්ලේ සිට උඩුගම බලා ධාවනය යවමින් තිබූ බස්‌රථයක වැදීමෙන් මෙම අනතුර සිදුව ඇතැයි පොලීසිය කියයි.

කාන්තාව මෙම අනතුරින් මියගොස්‌ ඇති අතර බස්‌ රථය නොනවත්වාම ධාවනය කර ඇතැයි පැවසේ.

අනතුර සිදුකළ බස්‌රථය හඳුනාගෙන ඇති අතර සිද්ධියට අදාලව ගාල්ල මූලස්‌ථාන පොලිස්‌ පරීක්‌ෂක කේ. ඒ. උදය කුමාර මහතාගේ මෙහෙයවීමෙන් වැඩිදුර පරීක්‌ෂණ පැවැත්වේ.

මියගිය කාන්තාවගේ මරණය පිළිබඳ හදිසි මරණ පරීක්‌ෂණය ඊයේ (5 දා) ගාල්ල කරාපිටිය රෝහලෙදී පැවැත්වීමට නියමිතව තිබුණි.




අපගේ නවතම පුවත් බලන්න..

© 2011-2016 Gossip9Lanka.co.uk

Join with Us

Latest Gallery

Video Gallery

A R C H I V E

Political News

Around the World

L A T E S T C O M M E N T S

S T A T S