Facebook Official Fanpage Official Twitter Account Google+ Official Page Rss Feed

Sinhala News

Entertainment

Sports News

Miscellaneous

TRENDING

මඩවල නගරයේ පදිංචි තරුණියකට ඇතිව තිබුණු රෝගී තත්ත්වයක් සුව කිරීමට එම නිවෙසට ශාන්තිකර්මයක් සඳහා පැමිණි කට්ටඩියකු මායම් වී උස්සි අම්මා විසින් කරන ලද හූනියමක් නිසා එම තරුණිය රෝගීවී ඇතැයි අනාවැකි පවසා පලා යෑමෙන් පසු පවුලේ සාමාජිකයන් අතර ඇතිවූ ගැටුම සම්බන්ධයෙන් පුද්ගලයන් තිදෙනකු හා කාන්තාවන් දෙදෙනකු ඇතුළු පස්දෙනකු වත්තේගම පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා ලදී.
මේ ශාන්ති කර්මය කළ කට්ටඩියා මුදල් රැගෙන පලා ගොස් ඇති අතර එම ශාන්ති කර්මයට මුදල් වැය කළ කාන්තාව වන උස්සී අම්මාට පවුලේ සෙසු පිරිස් පහරදීම්වලින් බරපතළ තුවාල ලබා මහනුවර මහ රෝහලට ඇතුළත් කරනු ලැබ තිබේ.

ගැටුමට සම්බන්ධ ප්‍රධාන සැකකාරිය වූ මැය නීතිඥ කේ.ඩබ්ලිව්. රැලපනාව මහතා විසින් ඉදිරිපත් කළ මෝසමක් මඟින් පසුගිය 27 වැනි දින තෙල්දෙණිය දිසා විනිසුරු එම්.එච්. පරික්ඩීන් මහතා වෙත ඉදිරිපත් කෙළේය.

සිද්ධිය පිළිබඳව නීතිඥ කේ.ඩබ්ලිව්. රැලපනාව මහතා අධිකරණය හමුවේදී කරුණු ඉදිරිපත් කරමින් මෙම කාන්තාවගේ පවුලේ සාමාජිකාවක් වූ තරුණියට වැලඳී තිබුණු රෝගී තත්ත්වයක් සුව කිරීමට මැය නිතරම දැඩි උත්සාහයක් ගත් තැනැත්තියක් බවත් මෙවැනි සිදුවීම්වලට මැය සම්බන්ධ නැති බවත් කියා සිටියේය.

ඒ සඳහා ඇය විසින් ශාන්තිකර්මයක් කිරීමට කට්ටඩියකු එම නිවෙසට ගෙන්වා ශාන්තිකර්මයක් කළ බවත් එහිදී එම කට්ටඩියා වැරැදි මතයක් ඉදිරිපත් කිරීම නිසා අවුල්සහගත තත්ත්වයක් ඇති වී පහරදීම්වලින් ගැටුමක් ඇතිවූ බවත් මෙම ගැටුමට මැය සම්බන්ධ නැති බවත් වෙනත් පිරිස් විසින් කරන ලද පහරදීම්වලින් මෙම ගැටුම ඇතිවූ බැවින් මැයව සුදුසු ඇපයක් මත මුදාහරින ලෙසත් අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

කරුණු සැලකිල්ලට ගත් දිසා විනිසුරුවරයා එම සැකකාරිය රුපියල් විසිපන් දහස බැගින් ශරීර ඇප දෙකක් මත මුදාහරිමින් සාමය ආරක්‍ෂා කරන ලෙසට දැඩි ලෙස අවවාද කළේය.

සිද්ධියට සම්බන්ධ සෙසු සැකකරුවන් පෙර අධිකරණයට ඉදිරිපත් කර ඇප ලබාදී ඇත. වත්තේගම පොලිසිය වැඩිදුර පරීක්‍ෂණ සිදු කරයි.

තෙල්දෙණිය – කේ. නිශ්ශංක
මව්බිම




අපගේ නවතම පුවත් බලන්න..

© 2011-2016 Gossip9Lanka.co.uk

Join with Us

Latest Gallery

Video Gallery

A R C H I V E

Political News

Around the World

L A T E S T C O M M E N T S

S T A T S