Facebook Official Fanpage Official Twitter Account Google+ Official Page Rss Feed

Sinhala News

Entertainment

Sports News

Miscellaneous

TRENDING

නුවරඑළිය දිසාවට අයත් නගර ප්‍රදේශයක තරුණියක්‌ විවාහ කර ගන්නා බවට පොරොන්දු වී ඇය ඇතුළු පවුලේ අය මංගල්‍ය උත්සවයට සූදානම් වෙද්දී එම තරුණයා තරුණිය මග හැර සිටියා යෑයි කියන සිද්ධියකට සම්බන්ධ තරුණ වෛද්‍යවරයකුට දත් හැලෙන තුරු පහර දීමේ අපූරු සිද්ධියක්‌ නුවරඑළිය පොලිසියෙන් වාර්තා වෙයි.
අවුරුදු 28 ක්‌ වයසැති එම තරුණයා වෛද්‍යවරයාට පහරදී ඇත්තේ ඔහු නවාතැන්ගෙන සිටි හවාඑළිය ප්‍රදේශයේ නවාතැනකදී රාත්‍රි කාලයේය.

තරුණිය සමඟ විවාහය ස්‌ථිර කරගත් පසු ඇයගේ පාර්ශ්වය විසින් විවාහ උත්සවය වෙනුවෙන් විශාල මුදලකට රෙදි මිලදී ගෙන ඇති බවත් පවසති.

නුවරඑළිය නගරයේ ප්‍රමුඛ හෝටලයක උත්සවය ගැනීම සඳහා එහි ශාලා වෙන් කර ගෙන තිබියදී මෙසේ අකමැති වී ඇති බව වාර්තා වේ.

එයින් අධික කෝපයට පත් තරුණියගේ සොයුරා ඇතුළු තවත් අයකු විසින් මෙම පහරදීම සිදුකර ඇති බව පොලිස්‌ පරීක්‌ෂණවලදී හෙළිවී ඇත.

සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට නියමිතව ඇති අතර නුවරඑළිය පොලිසිය වැඩිදුර පරීක්‌ෂණ පවත්වයි.




අපගේ නවතම පුවත් බලන්න..

© 2011-2016 Gossip9Lanka.co.uk

Join with Us

Latest Gallery

Video Gallery

A R C H I V E

Political News

Around the World

L A T E S T C O M M E N T S

S T A T S